(සනත් ගමගේ)
හුංගම තලුන්න ප්‍ර දේශයේ මාළු ලෑල්ලක් අසල දි තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කර ඇතිබව හුංගම පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කහඳමෝදර පදිංචි 34 හැවිරිදි ධිවර කාර්මිකයෙක් බව පොලිසිය කියයි.
ඝාතනය සිදුකර ඇතැයි සැලකෙන පුද්ගලයා වාඩිගල නෙටොල්පිටියේ පදිංචි අයෙකු වන අතර සැකකරු ප්‍ර දේශයෙන් පලා ගොස් සැඟව ඇති බවද පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා රුපියල් 30000 ක මුදලක් සැකකරුගෙන් ලබාගෙන ඇති අතර සැකකරු එම මුදල ධිවර කර් මාන්තයේ යෙදෙන බෝට්ටු හිමිකරුගෙන් ඉල්ලා ලබාදි ඇති හෙයින් එම මුදල අයිති කරුට ලබා දෙන ලෙස කිහිප වතාවක් කියා සිටියත් එය පැහැර හැරීම හා රැකියාවේ යෑමට පවා නොයෑම හේතුවෙන් ඇති වූ උරණ විමක් මත දෙදෙනා අතර ඇති වූ බහින් බස් විමක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇතයි මූලික පරීක්ෂන වලදී අනාවරනය වි ඇති බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තියුණු අයුධයකින් කපා කොටා මරලා
නයින්හාට් Monday, 25 September 2023 12:32 PM
ණය දීමෙන් මිතුරාත් සතුරා වෙනවා කියන්නෙ ඕකට තමයි ඇත්තටම ලංකාවෙ මිනිස්සු කොපමණ හිතවත් වුනත් ණයක් නොදිය යුතුය