
(දයාරත්න ඇඹෝගම)
එළවළු හා පලතුරු මිල පහත වැටි තිබුණ ද පාරිභෝගියන්ට ඒවා මිලදි ගැනිම සදහා මුදල් නොමැතිකම හේතුවෙන් ගොවියන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු තොගයෙන් කිලෝ 50,000 අධික ප්‍රමානයක් මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩ යාය කුණු අංගනයට බැහැර කිරිමට සිදුව ඇතැයි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පවසයි.
මේ වන විට වට්ටක්කා කිලෝව රුපියල් 30.00 - 50.00 ත්,කැකිරි කිලෝව රුපියල්.10.00 - 15.00 ත්,අමුමිරිස් කිලෝව රුපියල් 250 - 300 ත්, බංඩක්කා කිලෝව රුපියල් 35.00 - 40.00 ත්, මෑකරල් කිලෝව රැ.100.00 - 120.00 දක්වා මිල පහත වැටි ඇති බවද සභාපතිවරයා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් හොඳක් දකින්න බැරි ශ්‍රී ලංකාවේ ගොවිතැන...
රටේ මිනිසුන්ගේ අතේ තිබ්බ සල්ලි ටික බංකොලොත් කරපු පොහොට්ටු ආණ්ඩුවයි පින්පති තුමයි හැම මාසෙම අරගන්නවා
කුණු අංගනයට බැහැර කරන එකනම් මහලොකු අපරාධයක්... වැඩිහිටි නිවාස, අනාථ දරුවෝ බලාගන්න සමහර පුණ්‍යායතනවලට, අසරණ පවුල්වලට ඒවා බෙදාහරින්න කවුරුහරි වැඩ පිළිවෙළක් සලස්වනවා නම් ලොකු පිනක්. අඩුම ගානේ එළවළු සුප් හදලා හරි බොන්න පුළුවන්නේ.
ටිකක් හිතන්න. මේ අතිරික්ත වගාව නේද? කෘෂිකර්ම පර්යේෂණ ආයතනය නිදි... අධ්‍යයනයක් කරලා ඒ ඒ මාසය සඳහා අවශ්‍ය එළවළු, පලතුරු ප්‍රමාණය ගණනය කර වගාව පාලනය කළා නම් ගොවීන්ට සැමදාම හොර මිලකට විකුණන්න පුළුවන්. අනික පොහොර කෘෂි රසායන ද්‍රව්‍ය සහ කම්කරු කුලිය අවමකළ හැකියි. අතිරික්ත ඉඩම් සහ ගොවි කම්කරු ජනතාවට විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්න ඕනෑ. රජයක් තිබෙන්නේ ඒවාට නේද?
තව පුළුවන් තරම් පඩියෙන් බදු ගහලා රජයේ අනවශ්‍ය වියදම් කරන්න. එතකොට මිනිස්සුන්ට හොඳට බදු ගහන්න පුළුවන්...