
(ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.ධර්මකීර්ති සහ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර - පාදණෙිය මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සිව් දෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි තඹුත්තේගෙම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රදේහයේ පදිංචි කරුවන් පිරිසකි. විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනිමට ගොස් ආපසු යමින් සිටියදී මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. මියගිය අය අතර කාන්තාවෝ තිදෙනෙක් වෙති.
මෙසේ මියගොස් ඇත්තේ මවුලානා සින්දු අහමඩ් (රියැදුරා) (46) ජේනු අහබ්දුල් චාපා (46)සයිදු අහමදු මවුලානා (43) සහ අබ්දුල් රහිමන් මොහොමඩ් රසීම් (36) නමැති සිවු දෙනෙකි.
තුවාල කරුවන්ගේ තිදෙනකු තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයකුගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේගය මරුවා කැඳවයි. ඉක්මන් කොටයි. වාහනයේ හැටි දැක්කහම් හිතා ගන්ට පුලුවන් මොන තරම් වෙගයකින් රියදුරා වාහනය පදවා ඇතිත කියලා. රියදුරාට නින්ද ගියා වද ?.
මේ ජාතියේ වාහන තැන්නේදී අධික වේගයකින් යනවා... මම බොහෝවිට දැක ඇත්තෙමි. බර අඩු සහ ආරක්ෂාවක් නැති මෙවැනි වාහන රටපුරා බොහෝ ඇත. වේගයෙන් යාම නොව ආරාක්ෂාකාරීව තම ගමන නිමා කරගැනීම දක්ෂතාවය වග සියල්ලන් සිතට ගනිත්වා..!
මාර්ගයේ වාහන නවතා තබනවා නම් හැසාර්ඩ් ලාම්පු ඇලවීම අනිවාර්ය කරන්නේ නම් මැනවි.
අද ඇති බොහෝ අනතුරුවලට හේතුව අධික වේගයෙන් රිය පැදවීමයි. මෙවැනි රියදුරන් අල්වා ගැනීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගත හැකියි.
මෙවැනි අනාරක්ෂිත වාහන ගෙන්වීම නතර කළ යුතුවේ. 8 දෙනෙකුට ගමන් කළහැකි වාහනයක් ද මේ...?
ඉතාම ශෝචනීයයි, නැවත ඉපදෙන කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් අත්නොවේවා ,
ප්‍රධාන පාරක ,පොඩි පාරවල් පවා වාහන නවතා තැබීම තහනම් කල යුතුය තහනම් කල යුතුය
බීලා ඉගිල්ලෙන්න හදන රියදුරන් නිසා ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන්නේ අහිංසකයින්ට? දිනපතාම වාගේ රිය අනතුරු. මේවාට හේතු සහ විසඳුම් කඩිනමින් දිය යුතුයි...