
(රෝෂන් තුෂාර)
අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගලගේ විදෙස් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) නියෝග කළාය.
විදේශීය බැංකුවල ඇති මුදල් වල වාර්තාවන් ලබා ගැනීමට සඳහා විදේශ ගත වීමට අවශ්‍ය වී ඇති බැවින් දැනට අධිකරණය මගින් පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස සැකකාර විරංජිත් තාම්බුගල මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළාය.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා හිතවත් ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කළේ යැයි තාඹුගල සැකකරුට එරෙහිව සිදුකෙරෙන කෙරෙන විමර්ශනයට අදාලව සැකකරුට විදෙස් ගමන් තහනම පනවා ඇති බැවින් මෙම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේය.
සැකකරුගේ විදෙස් ගිණුම්වලට අදාළව ලේඛන ලබා ගැනීමට සැකකරුට විදේශගත වීම අත්‍යවශ්‍ය නැති බවත් එම මුදල් යම්කිසි පුද්ගලයකු යවා හෝ කුරිය සර්විස් මගින් ලබාගත හැකි බව පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා අධිකරණය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ සැකකරුගේ නීතිඥ උපාලි ජයමාන්න මහතා කියා සිටියේ විදේශීය බැංකු ගිණුම් විවෘත කිරීමට හැකියාව පවතින්නේ සැකකරු හට පමණක් බවත් ඒ සඳහා රහස් කේත අංක ජාලයක් තිබෙන බැවින් සැකකරු විදේශගත වීම අවශ්‍ය බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ තමන්ගේ බැංකු ගිණුම වෙත පිවිසීමට බැංකුව වෙත නොයා, බැංකුව විසින් ලබාදෙන ලද ඇප් එක මාර්ගයෙන් පිවිසිය හැකි බව මේ හොර තක්කඩි දානපතියා ඇතුළු මන්ද බුද්ධිකයින්ට වටහා දෙන්න මේ රටේ කවුරුවත්ම නැද්ද..? එයට අවශ්‍ය මුර පදය ගිණුම් හිමිකරු ළඟ නැතිනම් කා ළඟද තිබෙන්නේ..? ඔය වගේම තව අනුරාධපුරයෙන් ඩුබායිවලට ගිහින් අවුරුදු පහහයකින් මැරියට් හෝටලයේ අයිතිකාරයා වුණු කෙනෙකුත් ඉන්නවා. ලංකාවේ බබ්බු දන්නේම නැද්ද..?