
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ නැවක් ලබාදෙන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවේ පවසා තිබේ.
එක් අත්‍යවශ්‍ය භාණ්ඩ නෞකාවක් මේ වන විටත් ලංකාවට එවා තිබෙන බව එහිදී සඳහන් කළ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා තවත් නැව්ගත කිරීම් කිහිපයක් කිරීමට අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත.
ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතා අතර හමුවක් චෙන්නායි හි මහ ඇමති කාර්යාලයේ දී සිදු වූ අතර එහිදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙි.
මෙහිදී අදහස් දක්වමින් ඉන්දියාවෙි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සඳහන් කළේ ලංකාවේ ආර්ථික ගැටලු කළමනාකරණය කර කරගැනීම සදහා රුපියල් බිලියන දෙකක මානුෂීය ආධාර ලබාදීම සම්බන්ධයෙන් ලාංකික ජනතාවගේ කෘතඥතාවය පුද කරන බවයි.
මෙම හමුවේදි මිලින්ද මොරගොඩ මහතා සිය පාර්ලිමේන්තු කතා ඇතුලත් "උණුසුම් හදවතක් සන්සුන් මනසක් සහ ගැඹුරු හුස්මක්"යන ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනයේ පිටපතක් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ.ස්ටාලින් මහතාට පිළිගැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සකමින් ඉහළම තැනක සිටින තමිල්නාඩුවේ... මහ ඇමැති. ස්ටාර්ලින් මහත්මයා... සහ මනුස්සකමක් ගෑවිලාවත් නැති රට ප්‍රපාතයකට යන හැටි බලා සතුටුවන, ශ්‍රී ලංකාවේ එලොවත් නැති, මෙලොවත් නැති ස්ටාලින්... කොහොමද වෙනස..?
තමිල්නාඩුවේ මහ ඇමැතිතුමනි.. ඔබතුමා ඇතුළු මුළු ඉන්දියාවාසීන්ටම බුදුසරණයි.
මේක එවලා තියෙන්නේ උතුරේ දෙමළ ජනයාට විතරද? බමුණා වගේ ජාතිවාදීන් ඉන්න ලංකාවට මෙහෙමවත් ආධාර ලැබෙන එක පුදුමයි.
ලංකාවේ තත්වය අතිශයෝක්තියෙන් කියනකොට අපිටත් වඩා හිඟන මේ මිනිස්සු රැවටිලා..
මේ සමන් කියන මනුස්සකම ගෑවිලාවත් නැති මනුස්සයෙක්. හිඟන ජාතියක්.. ලැජ්ජයි සමන් ලැජ්ජයි. ඔවුන් මේ වෙලාවේ ඉන්නේ මනුස්සකමින් ඉහළ තැනක. තමුන් වැනි කෙනෙක් මුළු මහත් ඉන්දියන් ජනතාවගෙන්ම සමාව ගත යුතුයි.