(යොහාන් භාසුර)
ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට ආනයනය කළ කාබනික පොහොර අඩංගු අඩි 40 ප්‍රමාණයේ බහලුම් තුනක් ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවසීය.
මදුරේහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර ඇති මෙම බහලුම් තුන ප්‍රශ්න සහගත බවත් ආනයන කරන අවස්ථාවේදී බාරදී ඇති ලිපි ලේඛණවල සඳහන් ආනයනකරුගේ ලිපිනය ද සැක සහිත බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියකු පැවසීය.
මෙම බහලුම් තුනේ පොහොර කිලෝ 77881.41 ක ප්‍රමාණය කොළඹ 12 ප්‍රදේශයේ සමාගමකින් ආනයනය කර ඇති බවත් එම බහලුම් ඔරුගොඩවත්ත ග්‍රේලයින් බහලුම් පර්යන්ථයේ ගබඩා කර තිබේ.
මෙම කාබනික පොහොර තොගය ආනයන කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කිසිඳු බලපත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවත් ශාඛ නිරෝධායන නීතියට අනුව මෙම පොහොර තොගයෙන් සාම්පල් ලබාගෙන පරීක්‍ෂා කර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරියා පවසයි.
ශ්‍රී ලංකාවට ක්ෂුද්‍ර ජීවින් සහ විවිධ දිලීර වර්ග ඇතුල්වීම වැලැක්වීම සඳහා 1999 ශාඛ ආරක්‍ෂණ පනත යටතේ කාබනික පොහොර ආනයනය තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් රටවල ජරාව ගෙනැල්ලා දාලා කාපල්ලා අපේ රටේ පොළවත්.... බොන්න තිබුණු වතුරත් ඉවරයි...
සර්ගේ සංකල්ප හින්දා රට වලපල්ලට යනවෝ... මරු රටෙන් ගෙනැල්ලා තියෙන්නේ...
කාබනික කසල කමුද?
ඉන්දියාවෙන් කොරොනා එන්න පුලුවන් අවදානමක් නැතිද මේකෙන්..? වගකිවයුතු අය මේ ගැන හොයා බැලුවොත් හොඳයි කියලයි මට නම් හිතෙන්නේ...
අපේ රටේ කුණු කඳු ගණන් තිබියදී ඒවායින් කොම්පෝස්ට් හැදීම පසෙක තබා, තමිල්නාඩු වෛරස්, විෂබීජ හා දහජරාව අඩංගු කොම්පෝස්ට් පොහොර අප රටට ගෙන්වීම ගැන සැබැවින්ම ලැජ්ජා විය යුතුයි. පිටරටවල දහජරාව ගෙන්වාගන්න පුළුවන් නම්, මේ දේශපාලකයන් තවතව විෂබීජ හා වෛරස් ගෙන්වා රට වනසා දමාවි. බොහෝම කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්...!!!
ඉතාම ප්‍රවේශමෙන් නීතිමය කටයුතු කරගෙන යාවි යැයි විශ්වාස කරමු. මාධ්‍ය ඒ පසුපස හිදීවි. රටටම මහාවිපතක් විය හැකියි...
කිසිම බලපත්‍රයක් නැතුව, ලියාපදිංචි නොකළ සමාගමකින් ගෙන ආ පොහොර රඳවා ගෙන ඇත.'ලිපියේ එසේ පවසා ඇතත්, අදහස් දක්වා ඇති බුද්ධිමතුන්ට එය කියවා අවබෝධ කරගන්නේ වත් නැත.. නිරතුරුවම ලිවීමට උත්සාහ ගන්නේ මැක්කාගේ රචනය ලිවීමටයි.
නියමෙට රට හදනවා...
දකුණු ඉන්දියාවේ තියෙන තරම් බැරලෝහ සහිත වස මෙහෙ දමන්න ආණ්ඩුව ගහපු ගැටේද කාබනික වගාව කියන්නේ? වගකිව යුතු සේරම අය නොපනත්කම් කරලා සල්ලි හම්බ කරන්න එපා. කැතයි.
ඉන්දියාවේ දහජරාව ලංකාවට ගෙනැල්ලා කරන්න හදන අපරාදේ මොකද්ද? ලංකාවේ කුණු මදිවටද ඉන්දියාවෙන් ගේන්නේ? ඔය කුණු අතරේ කොරෝනාවේ අලුත් ප්‍රභේදත් තියෙන්න පුළුවන්...!
රට ඇතුලට ගන්න දෙන්න එපා. අනුමාන කරනවා ඕවා ගෙන්වන්නේ රටක්, ජාතියක් නැති අහවල්ලු කියලා..
තමිල්නාඩුවෙන් කාබනික පොහොර ගෙනාවේ කව්ද? ඊට අවශ්‍ය නීතී රීති සපුරා තිබේද? ඊට රජයේ අනුමැතිය ලැබුණාද? ඇත්තටම මේ ගෙනත් තිබෙන්නේ කාබනික පොහොරද?
රසායනික පෝර ගේනවා නම් මොකද වෙන්නේ? විදේශ විනිමය දීලා කුණු ගොඩවල් ගේන්නේ මේවා කාගේ උගුල්ද? අස්වැන්නත් අඩුයි. පොළවත් ඉවරයි. විදේශ විනිමයත් ඉවරයි. මොකද තියෙන වාසිය...?