(යොහාන් භාසුර)

තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය ඉන්දීය රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.

ඉන්දීය ආරක්ෂක සේවා සංගමය ද ඉන්දීය රුපියල් හයකෝටි හැටතුන් ලක්ෂයක පරිත්‍යාගයක් සිදුකර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු ප්‍රාන්තය බාර නියෝජ්‍ය පොලිස් ප්‍රධානී සයිල්‍රෙන්ද්‍ර බාබු මහතා එම මුදල තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතාට පසුගියදා භාර දුන්නේය.