ත්‍රස්ත කණ්ඩායමක් තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තාවීමත් සමඟ එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩිකිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත.
තුන්දෙනකුගෙන් සමන්විත ‘අබු අල්කිටාල්’ නමැති කණ්ඩායමක් එලෙස ප්‍රහාර එල්ලකිරීමට සැලසුම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් කියැවිණි.
ආපනශාලා, ආගමික ස්ථාන, සාප්පු සංකීර්ණ ඇතුළු ජනතාව ගැවසෙන ප්‍රමුඛ ස්ථාන කිහිපයකට එලෙස ප්‍රහාර කිරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇතැයි අනාවරණය වී තිබේ.
තොරතුරු අනාවරණය වී තිබෙන සැකකරුවන් අයි.එස්. සංවිධානය සමඟ දිගින් දිගටම සබඳතා පවත්වන බවත් ඔවුන් අන්තර්ජාලය තුළ සක්‍රීය පිරිසක් බවටත් තවදුරටත් තොරුතුරු හෙළි වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මෙන්ම දකුණු ඉන්දියාවේ ප්‍රදේශ රැසක සහ වෙරළබඩ ප්‍රදේශවල ආරක්ෂාව දැඩිකිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා විය.
ද හින්දු ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙනම් අයි එස් අයි එස් කියල දැනගත්තත් තවම අල්ලන්න බැහැ - මීට අකමැති
දකුණු ආසියාවේ ආරක්ෂාව දුර්වලකර, ක්රමාණුකුලව ආසියාවේ බලය තමන් සතු කරගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝව විසින් අති දීර්ඝ කාලීන සැලසුමකට අනුව අටවපු තවත් උගුලක්. මෝඩ මුසල්මානුවන් පිරිසක් ඇමෙරිකානු ලණුව ගිල තිබීම සහ ලංකාවේ වත්මන් දේශපාලකයින් ජාති-මාමක නොවීම ඇමෙරිකාවේ බලාපොරොත්තු මුදුන්පත් කරවීමක්.
ඉන්දියාවේ එහෙම කළාට අපේ රටේ එහෙම වෙන්නෙ නෑ. අයි ඩෝන්ට් නෝ වයි !!
ඒකට අපේ ගොයියා. අන්න බැරි මරගාතේ රෝස පාට රෙද්දක් උඩ ඉඳන් යෝගා කරකර ඉන්නවා...