(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කරුවලගස්වැව තබ්බෝව පාවට්ටාමඩුව නරිඔයට මායිමේ  නීති විරෝධී ලෙස දින ගනනාවක් කිපයක් පුරා පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් කරුවලගස්වැව වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ජේ.එච්.එම්.එන්.එස්.ජයපද්ම මහත්මිය නවතා දැමිය.

මෙසේ නවතා දැමුනේ කරුවලගස්වැව විහාරස්ථානයක චෛත්‍යයක් ඉදි කිරීම සදහා වැඩ බලන  ප්‍රාදේශීය ලේකම් වරිය ලබා දී තිබු වැලි කියුම් 40 ක ප්‍රමාණය ලබා ගැනිමේන් පසු අදාල ස්ථානයෙ දිගින් දිගටම අදාල නීති උල්ලංඝණය කරමින් පවත්වාගෙන ගිය වැලි කැණිමක් බව කියයි.

මෙම වැලි කැණිමට පාවට්ටාමඩුව ගොවින්ද දැඩි විරෝධයක් මතු කර තිබුණි.

ඒ මෙම වැලි කැණිම සිදුවන ඉඩම ආසන්නයෙන් ගලා යන නරි ඔයට හානි වල ලෙසත් පාවට්ටාමඩුව කුඹුරු වලට ජලය ගලා එන ඇල මාර්ගයට හානි වන අයුරීන් ටිපර් රථ යොදා ගනිමින් සිදුකල වැලි කැණිම් හා ප්‍රවාහනය හේතුවෙන් බව කියයි.

මේ වන විට තබ්බෝව,පාවට්ටාමඩුව ඇතුළු ප්‍රදේශ වල සිදුවන වැලි කැණීම් හේතුවෙන් දැවැන්ත පාරිසරික ගැටළු රැසක් මතුව තිබේන පසුබිමක මෙම වැලි කැණිමටද එයට මුවාවි කරගෙන යාමට සුදානමක් තිබු බව ජනතාව කියයි.