
(රෝෂන් තුෂාර)
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(27) නියෝග කළාය.
අයි ඩබ්ලිව් එස් හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 22වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලට ගියාට වැඩිය ඉක්මනින් එලියට ආවා, ඒ මිලියන හැත්තෑවක් වංචා කල නිසා පොල් ගෙඩි දෙකක් හොරකම් කෙරුවා නම් අඩුම ගානේ මාස තුනක් ඉන්න වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙයි නීතිපති දෙපාර්තමේන්තුවෙයි ඉන්න කම්බ හොරු ලොකු හොරුන්ව රකිනවා.
මේ රටේ නීතිය සාධාරණව ඉටු වෙනවා කියල කවුරු හරි හිතන් ඉන්නවා නම් ඒක බොරුවක් කියල දැනගන්න හොඳම උදාහරණයක් මේ.පොල් ගෙඩියක් අඹ ගෙඩියක් හොරකන් කරන මිනිස්සුන්ට හිරේ තපින්න වෙන්නයි මේ වගේ කෝටි ගණන් හොරකම් කරන තක්කඩින්ට ඇප ලැබෙන විදියයි මොකක්ද කියල හොයල බැලුවනම් තේරුම් ගන්න පුළුවන් .