IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තැපෑලෙන් එවූ කුඩු ගන්නා ආ අයකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සෙල්ලම් බඩු තුළ අසුරා ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි දෙකකට ආසන්න කුෂ් නමැති මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම පාර්සලය තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ගෑම් 367 ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.

විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකය (, කොළඹ කලාපය ) රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ගේ සහය මත වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

සෙල්ලම් බඩු සහිත පාර්සල් වල සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය අසුරා තිබූ බව පොලිසිය කියයි.

එය රැගෙන යාමට පැමිණි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත.

 



අදහස් (0)

තැපෑලෙන් එවූ කුඩු ගන්නා ආ අයකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site