(තරංග ගුණරත්න)
කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ මුදල් පැහැර ගැනීමෙි තැත වැරදී සැකකරු පලාගොස් ඇතැයි කොටවිල පොලිසිය කියයි.
මුහුණු ආවරණය කොට යතුරුපැදියකින් මැද කොටවිල තැපල් කාර්යාලයට ආ සැකකරු කිසියම් දෙයක් පිළිබඳ තොරතුරු විමසන මුවාවෙන් සැකකරු තැපැල් ස්ථානාධිපතිනියගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ඇති පොලිසිය කියයි.
එම සමගම සැකකරු තැපැල් කාර්යාලය ඇතුළු වී එහි තිබූ මුදල් පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි. එම අවස්ථාවේදී තැපැල් ස්ථානාධිපතිනියගේ දක්ෂතාවය මත ඔහු සමඟ පොරබදා මුදල් පසුම්බිය රැක ගැනීමට සමත්ව තිබේ.
එය රුපියල් හැට දහසකට ආසන්න බව පැවසේ. පසුව සැකකරු යතුරුපැදියකින් පලා ගොස් ඇතැයි සදහන්වේ.
කෙසේ වෙතත් වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි තැපල් ස්ථානාධිපතිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර කොටවිල පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd