IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තැපෑලේ වාහන 42ක් අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42 ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  ගත් තොරතුරු සැසඳීමේදී මෙම  වාහනවල අඩුව  පිළිබඳ කරුණු  අනාවරණයවූ  බවද   එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් අප තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන වසර 30 - 50 අතර පැරැණි ඒවා  බවයි.

මෙම වාහන පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  දත්ත වාර්තාවල අඩංගුව තිබුණත් තැපල් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවේ  නැතැයි පවසන තැපැල්පතිවරයා එම වාහන රටේ කොහේ හෝ ධාවනය වෙනවා නම් හෝ කිසිවකු හෝ  ඒවාට   ආදායම් බලපත්‍ර   ගන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු වහා  දෙන ලෙස
මෝටර් රථ  ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් තමා ඉල්ලීමක් කර ඇති බවයි.

කෙසේ වෙතත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන්  ඒ තොරතුරු තවමත් ලබාදී   නැතැයි පැවසූ සත්කුමාර මහතා  එම වාහන පිළිබඳ තොරතුරු නැත්නම් ඒවා දත්ත පද්ධතියෙන්  ඉවත් කරන ලෙසටද  ඉල්ලීමක්  කළ බව සඳහන් කළේය.
මේ අතර තැපල් දෙපාර්තමේන්තුවේ 60 ශ්‍රී  7256 දරන බස් රථය භාවිතයෙන් ඉවත්කර තිබුණද  ඒ සඳහා ඉදිරි කටයුතු කර නොතිබුණු බව විගණන  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ පිළිබඳව අප තැපැල්පති රුවන් සත්කුමාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම බස් රථය  මුද්දර කාර්යාංශයේ  ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමට දැනටමත්  පියවර ගෙන ඇති බවයි.



 

 



අදහස් (1)

තැපෑලේ වාහන 42ක් අතුරුදන්

Bunny Preena Friday, 28 July 2023 03:08 PM

දේශපාලන හෙන්චයියලාගෙ ගෙවල් වල ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 445 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site