
(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව,වීරපුර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කර ඇති තම මුදල් ආපසු ස ඉල්ලා බැංකුවේ ගණුදෙනුකරුවෝ අද පෙරවරුවේ එම බැංකුව ඉදිරිපිටදී උද්ඝෝෂණයෙක නිරතවූහ.
තමන් බැංකුවේ තැන්පත් කර ඇති රුපියල් කෝටි 05කට ආසන්න තම තැනපතු මුදල් ආපසු ගෙවීමට බැංකුව අපොහොසත්ව ඇති බවද ගණුදෙනුකරුවෝ කියා සිටිති.
එම නිසා මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා තමන්ට සාධාරණයක් ඉෂ්ඨකර දෙන ලෙස ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද ඔවුහු කියා සිටියහ.
පොලොන්නරුව,තමන්කඩු දෙපලාතේ අධිකරණ සංඝනායක,පොලොන්නරුව පුලස්තිගම ශ‍්‍රී ශාඛ්‍යබිම්බාරාමය,වීරපුර ශ‍්‍රී නීග්‍රෝධාරාමය යන විහාරයන්හි උභය විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමිිපාණන් වහන්සේද මේ අවස්ථාවට වැඩමකර සිටි අතර මේ ගැටලූවට මුහුණපා සිටින පිරිස තම විහාරස්ථානවල දායක පිරිස් බවද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද බැංකුවේ නම?
බැංකුවේ නම මොකක්ද කියලත් දාන්න. අනිත් අයටත් දැනගන්න. නැත්තම් ඒ අයත් රැවටෙයි.
නම කිව්වොත් බැංකුව කඩා වැටෙනවා. චුට්ටයි නොගෙවා ඉන්නේ...
එහෙම දෙන්න බැංකු සූදානම් නැහැ. අර හාමුදුරුවෝත් සල්ලි තැන්පත් කරලා වගේ... අනේ අපේ දැන් වේලට යන සල්ලි...
මේ තත්වය රජයේ බැංකුවලටත් ළඟදීම සිදුවෙනවා. ඔබගේ වැඩිපුර මුදල් බැංකුවල තිබේ නම් නිතරම විමසිලිමත් වන්න.