(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටක තීන්දු  තීරණ ගන්නා විට කාන්තාවන් සහ පිරිමින් එකට වාඩිවී තීරණ ගන්නවා එය රටට වඩා  වැදගත් වෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනී  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී  පැවසුවාය.

අනාගත පාර්ලිමේන්තුවක මෙන්ම කැබිනට්ටුවක කාන්තාවන්  මීට වඩා පත් වන්නට ලැබෙනු ඇතැයි සිතන බවද මන්ත්‍රීවරිය කීවාය.

ප්‍රධාන තේමා අටක් ඔස්සේ කාන්තා  ප්‍රතිපත්තිය හදා තිබෙන බවත් අනන්‍යතාවය හා ස්වාධීනත්වය එහි පළමු තේමාව ලෙස නම් කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරිය කීවාය.

කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ පනත් කෙටුම්පත විවාදයට සහභාගී වෙමින් මන්ත්‍රීවරිය මේ බව කීවාය.