
(බී.ජී. චතුරංග)
තන්තිරිමලේ රාජමහා විහාරයෙන් ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ තෙවන දිනය වූ අද දින ද ආලෝක පූජාව ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
විජය පුවත්පත් සමාගම විසි වන වරට මෙවර ආලෝක පූජාව සංවිධානය කළේය.
ආලෝක පූජාවේ තෙවැනි දිනය වන අද දින උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලය රජමහා විහාරාධිපති ය තන්තිරිමලේ චන්දරතන නා හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ, නියෝජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, හිටපු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර. ජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉංජිනේරු ජනක රත්න කුමාර, පස්වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි කර්නල් අත්තනායක, තන්තිරිමලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සන්තක එදිරිසිංහ, පහල මල්වතු ඔය ප්‍රධාන ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න තිලකරත්න යන මහත්වරු විදුලි ආලෝක පූජාව විවෘත කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ ටික දැක්කම බුද්ධාලම්බන ප්‍රීතියත් යනවා