
(කාංචන කුමාර ආරියදාස )
අනුරාධපුර, හබරණ, පුවක්පිටිය මහා වන කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක බිහිකළ දරු තිදෙනා ගේ පුවත ලංකාදීප වෙබ් අඩවියේ අනාවරණයෙන් පසු ගම්මානයට වැඩම කළ ගඟසිරිපුර ධම්මාලෝක පොඩි හාමුදුරුවෝ (සදගිරි සැයේ පොඩි හාමුදුරුවෝ ) ඔවුනට ලක්ෂ විස්සක වටිනාකමකින් යුතු නිවසක් තනා දීමට පොරොන්දු විය.
පුවත අනාවරණය වී පැය කිහිපයක් යන්නට මත්තෙන් ඒ පිළිබඳව සොයාබැලූ ධම්මාලෝක හිමි අද (16) එම දරුතිදෙනා ඇතුළු පවුලේ සුවදුක් විමසීමට ගම්මානයට වැඩම කළහ.
අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තිබියදී දඹුල්ල රෝහලේදී හබරණ පුවක්පිටිය පදිංචි 25 හැවිරිදි ගිහානි සුපෙෂලා කුමාරි තුන් නිවුන් පිරිමි දරු උපතක් සිදුකළාය.
ගම්මානයට වැඩම කළ උන්වහන්සේ පවතින දුෂ්කරතාව සියසින්ම දැක අනතුරුව මෙම පුංචි පවුලට රුපියල් ලක්ෂ විස්සක් වටිනාකමින් යුත් අංග සම්පූර්ණ නිවසක් තනාදීමට පොරොන්දු විය.
දරුවන් සිව් දෙනාගේ අනාගතය වෙනුවෙන් තමන් වෙනුවෙන් සිදු කිරීමට යන උතුම් පුණ්‍ය කර්මයට දරුවන්ගේ මව සහ පියා අනේකවාරයක් ධම්මාලෝක හිමියන්ට පින් දුනේය.
දරුවන්ගේ පියා මේවන විටත් ගසේ ඉදිකර ඇති පැලෙන් ඇද වැටී ආබාධිත තත්ත්වයේ පසුවෙයි.
දරුවන්ගේ පියා සන්දිත් අශෝක දයානන්ද මහතා තමනට හිතා ගැනීමටවත් නොහැකියි ලැබුණු පණිවිඩය පිළිබඳව මෙසේ පැවසීය
"මට මේක හීනයක් වගේ පුංචි පැටව් තුන් දෙනා ලැබුනට පස්සේ මම කොහොමද ජීවත් වෙන්නේ මේ පැටව් එක්ක පැලේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරමින් තමයි හිටියේ. අද උදේ හාමුදුරුවෝ ඇවිල්ලා මට කිව්වා අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් හදලා දෙනවා කියලා. මේක මාධ්‍ය මගින් පළවීම නිසා තමයි මට මේ උදව් ලැබුණේ ,උදව් කරන හැමෝටම මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා."



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මාලෝක පොඩි හාමුදුරුවන්ට පින් සිද්ද වෙනවා මේ කරපු පුණ්‍ය ක්‍රියාවට..
ඔබ වහන්සේ කලේ ඉතා වටිනා පුණ්‍ය කටයුත්තක්. මෙම ප්‍රව්තිය පල කල අපේ ලන්කාදෙපයටත්, ඔබ වහන්සේට ගොඩක් පින්. මෙම ප්‍රවති ආරන්චිවූ ෂණික මෙම නිවස වැඩම කලේ එක ඉතා වටිනවා.
මනුස්සයා දාලා ගිය අවුරුදු 4ට වඩා වයස අඩු ළමයි 3ක් ඉන්න ගෑනු ඕනෙ තරම් මේ රටේ ඉන්නවා. අඩුගානේ තමන්ට කියලා ඵලක්වත් නැති.., ඉන්නෙත් අනුන්ගේ පැල්කොටවල.. රස්සාවක්වත් හරියට නැති... ඒ හැමෝටමත් මේ වගේ වාසනාවක් ලැබේවා...
සුවිසාල පංසල්වල වැඩවාසය කරන හිමිවරුන්ට නොපෙනුන, නොදකින, මේ අසරණකම්, මේ ස්වාමීන් වහන්සේගේ නෙත ගැටීම මහත්ඵල, ආනිසංස ගෙනදෙන පිංකමකි. හිමියනි දීඝායු වේවා...!
ලංකාවේ රජයේ රෝහල් වල නොමිලයේ උපත් පාලන සැත්කම් සිදු කරනවා.ඒ වගේම උපත් පාලන ක්‍රම සඳහා අවශ්‍ය දේවල් නොමිලයේ ලබා දෙනවා.තමන්ට නඩත්තු කරන්න බැරි නම් හදන්නන් වාලේ ලමයි හදල ඊට පස්සෙ අදෝනා තියල වැඩක් නෑ.හාමුදුරුවන්ගේ වැඩපිළිවෙලේ අවසානය ඉදිරි මැතිවරණ පැවත්වෙන කාලයේදී රටේ ජනතාවට දැනගන්න පුළුවන් වේව්.රටේ මිනිස්සුන්ටයි පන්සල් වල හාමුදුරුවන්ටයි නඩත්තු කරන්න ළමයින් හදන්නෙ නැතුව ඉන්න සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනෙ.එහෙම නැතිව මේව දැකල සාධු කාර දෙනව නම් ඉදිරියටත් මේ රටේ බිහිවෙන්නෙ යැපුම් මානසිකත්වය තියෙන පරපුරක් විතරයි.
ළමයි තමයි මහත්තයෝ අනාගතේ... ඔයා මොන විදිහකට හිතනවාද අපි දන්නේ නෑ. හැබැයි ඔයාතරම් ඒ අය පොහොසත් නෑ. දරුවෝ හදන හැටි ඔයා කියන්න ඕන නෑ. ඔයා මොකුත් නොකර පාඩුවේ ඉන්න. ඒ දරුවො තුන් දෙනාත් අපේ රටේ අනාගතේ...
ළමයි හදන්නත් එපා කියන පරයෝ තමයි ලංකාවේ ඉන්නේ... සිංහල නම රැකගන්න ඕනෑ නම් ජාතිය පොභොසත් කරන්න ඕනෑනම් නිරෝගි ළමයි දායාද කරන්න. ළමයි තැනක් ලබපු එම මවට තවත් ළමුන් හදන්න ශක්තියක් වෙන්න.. ගරහන්න හෝ නොදන්නා දේ ලිවීමෙන් වළකින්න. ස්තූතියි...!