
(අංජුල මහික වීරරත්න)
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව අද (16) දින සිට ඔවුන්ගේ ගිණුම්වලට මුදා හැරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
විශ්‍රාමිකයන් සඳහා යෝජිත රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාල මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙන ලෙසට උපදෙස් දුන්නේය.
එම උපදෙස් අනුව මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මුදල් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දී ඇතැයි ද අද දිනයේ සිට විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට එම මුදල් බැර කිරීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.
සියලු විශ්‍රාමිකයන් හට රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාවක් ලබා දීම සඳහා 2024//08/24 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අංක 02/2024 නිකුත් කර තිබුණද ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර නොතිබිණි.
පසුගිය 14 වැනි දා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව විශ්‍රාමිකයන් 679,960ක් වෙනුවෙන් මේ මාසය සඳහා රුපියල් මිලියන 2,021ක ප්‍රතිපාදන භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.
ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මඟින් මෙම දීමනාව අද (16) සිට ගෙවීමට කටයුතු කරනු ඇත.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු මගින් විශ්‍රාම වැටුප ලබා ගන්නා විශ්‍රාමිකයන්ගේ බැංකු ගිණුම් වෙත අද දිනයේම මුදල් බැර කර ඇති අතර තැපැල් කාර්යාල හා උපකාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමිකයින්ට 18 වැනිදා සිට මෙම දීමනාව ලබා ගැනීමට හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් ලබා දුන්නු බොහෝමයක් සහනවලින් ලාභ ගන්නේ මුදලාලිලා. ප්‍රවාහන ගාස්තු කිසිම එකක් අඩුකරලා නැහැ. මේවට නියාමනයක් අවශ්‍යයි. මේ වසර පුරාම ඩීසල්, පෙට්‍රල් මිල අඩු කළා... ඒ වාසිය මහජනයාට කොහෙත්ම ලැබුනේ නැහැ.
ඔය ලිපියේ 4 වන ඡේදයේ කියන පරිදි මුදල් වෙන්කර නැහැයි කීම පිළිගන්න බැහැ.. මොකද යමක් ගෙවීමට පෙර සකස්කරන චක්‍රලේඛයේ පිටපතක් භාණ්ඩාගාර ලේකම් වෙතට යවනවා. ඉන් පස්සේ තමයි මුදල් වෙන්කිරීම භාණ්ඩාගාරයෙන් කෙරෙන්නේ... මෙතෙක් කලක් එහෙම තමයි කටයුතු කලේ. ඔය අතර කියන 2025 වැටුප් ගෙවීමට නම් මුදල් වෙන්කර නැහැ කියන්න පුළුවන්... මොකද එම වර්ෂය සඳහා අයවැය සකසා නැහැ. වැටුප් චක්‍රලේඛ නිකුත්කර නැහැ... ඒත් විශ්‍රාම වැටුප් වෙනුවෙන් කියන දේ සත්‍ය නොවෙයි... කොහොම වුණත් සැප්තැම්බර් මාසයේ සිට ගෙවීමට නියම කළ මුදලින් සැප්තැම්බර් මාසයේ ගෙවීම් අත් හිටුවලා තියෙනවා...!