
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වල් අලියකු කඩා වැදි මහකුඹුක්කඩවල පානියමඩුව ප්‍රදේශයෙ වී ගබඩාවකට පහර දී වී උර රැගෙන ගිය බව හිමිකරුවෝ අද(20) පැවසූහ.
පානියමඩුව ප්‍රදේශයෙ පිහිටි මෙම වී ගබඩාවට අද (20 ) අලුයම කඩා වැදුණ තනි අලියකු වී ගබඩාවට පහර දී අසුරා තිබු වී උර එලියට ඇද දමා කා දමා වී ගබඩාවේ බිත්ති කඩා වී උර රැගෙන ගිය බව ද ඔවුහු කියති.
වල් අලියා කඩා වැදි වී ගබඩාවට පහර දෙන විට එහි වී කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ගබඩා කර තිබු බවත් ගබඩා හිමියා හා අවට පිරිස් එක්වි මහත් වෙහෙසක් දරා තනි අලියා එළවා දැමිමට කටයුතු කළ බව කියයි.
ජනතාව පවසන්නේ මේ වන විට කුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශ වල වල් අලි 40 කට ආසන්න සංඛ්‍යාවක් කැලැවල රැදි සිටිමින් රාත්‍රි වන විට ගම්මාන වෙත කඩා වැදිම සිදුවන බවයි.
මේ නිසා ජනතාවගේ දෛනික කටයුතු කර ගැනිම මහත් ගැටළුවක් වි ඇති බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ගැටළුවට විසඳුම් සොයා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හරහා වැඩ කටයුතු සංවිධානය කොට වනජීවි නිලධාරීන් දැනුවත් කළත් ඵලක් වුනේ නෑ. බීරි අලින්ට වීනා වයන්නා සේ නිහඬව ඔවුන් ඉන්නවා. මා හා කොහොඹගස්වැව දීපාරාම විහාරාධිපති හිමියන් ඇතුලුව තරුණ පිරිස් හා ගොවි සංවිධාන එක්ව අදහස් උදහස් ලබා දුන්නද ඵලක් නැත. ඕනෑම අවස්ථාවක මෙම ගැටළුව විසඳාගන්න මාධ්‍ය සාකච්ඡාවක් වුවත් පවත් වන්න සූදානමින් ඉන්නවා එන්න. නමුත් අවස්ථාවක් නෑ රටේ ලෝකයාට දැනගැනීමට කියන්න අවස්ථාවක්... වසර 15ක අත්දැකීම් මා තුළ හොඳටම තියනවා. ඉහළ තනතුරේ සිට පහළ තනතුර දක්වාම කපටි නිලධාරින් ටිකක් ඉන්නේ මේ වනජීවි එකේ. සෑම විටම අපි මිනිසුන් හා සමාජය ගැන හිතුවත් දේශපාලනයට සම්බන්ධ අය හා අමාත්‍යාංශය තුළ ඉන්න නිලධාරීන් නිහඬයි. මම හා ගම්මු වල්පාලුව රක්ෂිතය හා කොහොඹ ගස්වැව පාරේ අලි මෙහෙයුම් දහස් ගණනින් කරා පාරේ ඉඳලා නොනිදා. ඒ ඇයි මිනිසුන් වෙනුවෙන්.. භික්ෂුවගේ එක් පැතිකඩක් තමා මිනිසුන්ගේ ජන ජීවිතය සාර්ථකත්වය සඳහා සහාය වීම. කීමට අදහස් ඇතත් මෙසේ කීම කාලොචිත නොවන බව හැඟේ. ඉදිරියේ කියන්නම් තෙරුවන් සරණයි...!