
(ජේ.කේ.එල්. චාමින්ද සහ ඩී.ජී. සුගතපාල)
තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටට පත්වෙනවා යැයි. ඒ සතුට භුක්ති විඳින්න තාත්තා අද ජීවතුන් අතර නෑ යැයි ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ 2022 වර්ෂය වසරේ පැවති අ.පො. ස උසස්පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල, රිච්මන්ඩ්විද්‍යාලයේ කේ.පි.සමුදිත නයනප්‍රිය සිසුවා පැවසිය.
ගාල්ල, හිනටිගලපාර, උණවටුන ප්‍රදේශයේ පදිංචි සමුදිත නයනප්‍රිය සිව් දෙනෙකුගෙන් යුත් පවුලක බාලදරුවාය. ඔහුගේ මව ඇදුම් මැසිමේ නිරතවන අතර සිය ජයග්‍රහනය පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.
මම ගාල්ල උණවටුන මහාවිද්‍යාලයේ ප්‍රාථමක අධ්‍යාපනය හැදැරුවා. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වෙලා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට උස්ස අධ්‍යාපනය හැදැරිමට ගියා. සා.පෙළ විභාගයෙන් විෂයන් 09ටම ඒ සමාර්ථ ලබා ගත්තා. තාක්ෂණ විෂය ධාරවෙන් 2022 වර්ෂයේ උසස්පෙල විභාගයට පෙනි සිටියා. ඇත්තටම සතුටුයි. තාත්තා නැතිවෙලා තුන්මාසයේ පිංකම දිනයදා විභාග ප්‍රථිපල ලැබුනා. තාත්තා ආශා කරපු විදියටම අධ්‍යාපන අංශයෙන් ඉහල තැනක ඉන්න ලැබිම ගැන සතුටුයි. විභාගය සමත්වන බව දැනගෙන හිටියා. නමුත් ලංකාවෙන්ම පළමු තැනට පත්වේවි කියලා හිතාගෙන හිටියේ නැහැ. එකනම් පුදුමයක්.
උපාකරක පංතිවලට ගියා. මම 01,02,03,04 යන පංතිවල දි මාගේ තාත්තා මාව හුරුකළා පාසල් අධ්‍යාපනයට. මම කුඩාකාලයේ සිට කැමති බාහිර අධ්‍යාපනක්‍රමවලට තාත්තා මට කුඩා කාලයේ දි උගන්වපු දේවල් හා තාත්තා මාව ගයිඩ් කරපු විදිය නිසා තමයි මට අද මෙම තත්වයට එන්න පුළුවන් වුනේ. තාත්තා ඒ විදියට නොකරන්න සමහර විට අද මම මෙතන නොඉන්න පුළුවන්.
------------------------------------------------------------------------------------
(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ (2022) ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්ථානය ගාල්ල රිච්මන්ඩ විදුහලේ සමුදිත නයනප්‍රිය ශිෂ්‍යා හිමිකර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු විදුහල්පති සම්පත් වේරගොඩ සහ නියොජ්‍ය විදුහල්පති වී.සී. මුණසිංහ මහත්මා , සහකාර විදුහල්පති උපුල් මහත්මා, අංශ ප්‍රධාන සෙනවිරත්න මහත්මාට අපගේ උපහාරය.
ආදරණීය පුතේ, දෙමාපියන් නිතරම සිතන්නේ තම දරුවන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ගැනයි. එබැවින් ඔබ මෙම අදියරේ දී පෙන්වා දුන් පරිදි නිවැරදි මාර්ගයේ ගොස් රටේ සංවර්ධනය සඳහා මානව දයාව සන්දර්භය තුළ ඔබේ බුද්ධිය පුළුල් කළ යුතුය. එවිට ඔබේ ජයග්‍රහණය පවුලට පමණක් නොව මුළු ලෝකයටම ආලෝකයකි.
ඇත්තටම දුක හිතුනා .පුතා දැන් ඉංග්‍රීසි සහ නායකත්වය හොඳට හදාගන්න .වැදගත්ම දේ තමයි මානුෂික ගුණධර්ම වර්ධනය කරන එක
ඔබට ජය පුතා... ඔබගේ සියලු ප්‍රාර්ථනාවන් සඵල වේවා.