IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘තාත්තාගේ මඟ පුතා යා යුතුයි‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන දූෂිත වළල්ලට හසු නොවී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ඔහුගේ පියා වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඞ් පතිරණ මහතා මෙන් සෘජු තීරණ ගනිමින් අපක්ෂපාතීව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

නව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වටාද පෙර සිදු වූවා මෙන් ඖෂධ මාෆියාව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මාර්ගයෙන් දූෂිත වළල්ලක් බිහි කරනු ලබනු ඇතැයි කිසිඳු සැකයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.

වෛද්‍යවරුන් වශයෙන් වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව ආඩම්බර වන බවද වෛද්‍ය බෙල්ලන මහතා පැවසුවේය.

දූෂණ සහ වංචා අන් කවර කාලයකටත් වඩා වර්තමානයේ ඉහළ ගොස් ඇති බවත් ඊටත් ඔබ්බෙන් පරිපාලන අරාජිකත්වය මුළු රෝහල් පද්ධතිය පුරාම කිඳා බැස ඇති බවත් වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට ලබා දෙන අවවාදයක් ලෙස පෙන්වා දීමට කැමති බව වෛද්‍ය බෙල්ලන මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

‘‘තාත්තාගේ මඟ පුතා යා යුතුයි‘‘

රංබොඩ Tuesday, 24 October 2023 12:34 AM

ආකල්පය වශයෙන් නම් වැඩි ප්‍රතිශතයක් පිරිහිලා. කොටසක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන මව්බිම වැටුණු වෙලේ වෙනත් රටවලට පැනගත්තා. කොටසක් තත්ත්වය සහ මුදල් පසුපස හඹා යනවා. රත්තරන් වගේ වෛද්‍යවරු ටිකකුත් ඉන්නවා...

:       0       0

Perera Tuesday, 24 October 2023 07:19 AM

සෞඛ්‍යයයි, අධ්‍යාපනයයි දෙකක්... ඊට අමතරව රිචර්ඩ් පතිණ ඇමැතිතුමා අමාත්‍ය ධුර දරපු කාලේ රාජ්‍ය යාන්ත්‍රණය මෙතරම් අධම, දූෂිත තත්වයට පත්වුණේද නැත. දැන් කාලෙ වෙනස්, තාලෙ වෙනස්... මේක දූෂණය රජ කරන කාලයක්... අවංක, එඩිතර අයට රටේ පැවැත්මක් නැහැ...

:       0       0

Nimal Tuesday, 24 October 2023 08:54 AM

මාරම දාර්ශනික අදහසක්...

:       0       0

සුදත් පෝරගේ Tuesday, 24 October 2023 10:02 AM

හෝටල් නාන තටාකයේ මූත්‍රා කරන්නත් ඕනෑවෙයිද?

:       0       0

පුරවැසියෙක්..( ගම්පහ). Tuesday, 24 October 2023 10:28 AM

වෛද්‍ය බෙල්ලන මහතාගේ ප්‍රකාශය හරියටම හරි. අවංක බවින් යුත් අයෙකු බවට රටේ ජනතාව පිළිගැනීමට ලක්ව සිටින " රමේෂ් පතිරණ මහතා " වැනි වෛද්‍ය වෘත්තිකයෙකුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීරණය අගය කළ යුත්තක්. පසුගිය කාලය පුරාවට හොරකම , වංචාව , දූෂණය, කොමිස් ගැහීම රජ කරමින් ජරාජීර්ණව පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවැරදි මගට ගෙන ජනතාවගේ පිළිකුලින් ඉවත් කිරීමට රමේෂ් පතිරණ අමාත්‍යවරයාට හැකියාව ලැබේවායි යන්න සමස්ත ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රාර්ථනයයි. නව සෞඛ්‍ය අමාත්‍යාවරයෙකු පත් කිරීම පිනිස ජනාධිපතිවරයා ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයක විරෝධයක් පළව ඇතත් රටේ යුක්තිය, සාධාරණත්වය මෙන්ම හොරකමට, වංචාවට එරෙහි සමස්ත ශ්‍රී ලංකා ජනතාව, ජනාධිපති නිවැරදි බව තේරුම් ගෙන සිටිති.

:       0       0

චන්දන Tuesday, 24 October 2023 10:32 AM

මේ කතාව නම් ඇත්ත. රිචඩ් පතිරණ යනු සෘජු තීරණ ගන්න දක්ෂ අයෙක්. දැනටත් ගාල්ලට යමක් කළා නම් එයා විතරයි. වජිරලාගේත් කට විතරයි. මෙලෝ දෙයක් කරලා නැහැ. රමේෂ්නුත් මෙතෙක් කල් නම් තාත්තා ගිය පාරෙ යන පාටක් නැහැ. තාත්තාට තියෙන ගෞරවයෙන් තමා මෙයා පාර්ලිමේන්තු ගියේ. ඒ නම්බුව තියා ගත්තොත් අනාගතයක් තියේවි... නැත්නම් ඊළඟ පාරම ගෙදර...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site