IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තාත්තාගේ බෝම්බයෙන් දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි

(ගයාන් සූරියආරච්චි)

හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කිරීමේදී නිර්භවය එම ජීව අත්බෝම්භය නැවත අගුලු ලා දරුවන් දෙදෙනා බේරාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් අගයා මුදල් සහ ප්‍රශංසා ත්‍යාග පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා ඇතුළු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 8 දෙනකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 75,000 ක් සහ ප්‍රශංසා සහතික 2 ක් ද පිරිනැමිණ.

මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.



අදහස් (6)

තාත්තාගේ බෝම්බයෙන් දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි

Senarath Thursday, 09 May 2024 04:02 PM

ඇත්තටම ඒක විශිෂ්ට ක්‍රියාවක්.ඒ නිලධාරීවරුන්ට අපේ ප්‍රණාමය

:       0       38

ගමේ එකාලා Thursday, 09 May 2024 04:16 PM

දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. එකේ නිලධාරි මහතුන්ට බොහොම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා. ඔවුන්ව ඇගැයීමට ලක්කිරීම හරිම වටිනවා...!

:       0       29

Chinthaka Herath Thursday, 09 May 2024 05:52 PM

කැප කිරීමට සාපෙක්ෂව ත්‍යාග මුදල බොහෝම පොඩියි. එක් අයෙකුට 75,000 බැගින් වුණා නම් පොඩි හරි සාධාරණයක් තියෙනවා. කොහොම නමුත් මෙවැනි දේ අගය කිරීම වටිනවා.

:       0       15

බකසුමන Thursday, 09 May 2024 11:12 PM

ජීවිතය පරදුවට තබා කළ ඒ වීර වික්‍රමයට STF නිලධාරීන්ට අපගේ ගෞරව ප්‍රණාමය... ඒක නම් හිතාගන්නත් බැරි තරම් වීර ක්‍රියාවක්...!

:       0       1

Perera Friday, 10 May 2024 12:34 AM

ඔය චායා රූපයේ යුනිෆෝම් දාගත්තු නම් දරාපු අපරාධකාරයෙකුත් ඉන්නවා

:       0       1

ඉන්දික Friday, 10 May 2024 10:36 PM

පොලිස් ඇමති නැති එක පුදුමයි... STF වීරයින්ට අපගේ ගෞරව ප්‍රණාමය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site