
(ගයාන් සූරියආරච්චි)
හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කිරීමේදී නිර්භවය එම ජීව අත්බෝම්භය නැවත අගුලු ලා දරුවන් දෙදෙනා බේරාගත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් අගයා මුදල් සහ ප්‍රශංසා ත්‍යාග පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) එම අමාත්‍යංශයේදී පැවැත්විණි.
එහිදී නියෝජ්‍ය පොලිස්පති එම්.කේ.බී.එස්.එන්. ගුණරත්න සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා ඇතුළු විශේෂ කාර්ය බළකාය නිලධාරීන් 8 දෙනකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 75,000 ක් සහ ප්‍රශංසා සහතික 2 ක් ද පිරිනැමිණ.
මෙම අවස්ථාවට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඒක විශිෂ්ට ක්‍රියාවක්.ඒ නිලධාරීවරුන්ට අපේ ප්‍රණාමය
දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. එකේ නිලධාරි මහතුන්ට බොහොම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා. ඔවුන්ව ඇගැයීමට ලක්කිරීම හරිම වටිනවා...!
කැප කිරීමට සාපෙක්ෂව ත්‍යාග මුදල බොහෝම පොඩියි. එක් අයෙකුට 75,000 බැගින් වුණා නම් පොඩි හරි සාධාරණයක් තියෙනවා. කොහොම නමුත් මෙවැනි දේ අගය කිරීම වටිනවා.
ජීවිතය පරදුවට තබා කළ ඒ වීර වික්‍රමයට STF නිලධාරීන්ට අපගේ ගෞරව ප්‍රණාමය... ඒක නම් හිතාගන්නත් බැරි තරම් වීර ක්‍රියාවක්...!
ඔය චායා රූපයේ යුනිෆෝම් දාගත්තු නම් දරාපු අපරාධකාරයෙකුත් ඉන්නවා
පොලිස් ඇමති නැති එක පුදුමයි... STF වීරයින්ට අපගේ ගෞරව ප්‍රණාමය...!