
(කාංචන කුමාර අරියදාස)
තමන් ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ රටේ තාක්ෂණික විප්ලවයක් ඇති කරන බව පොදු පෙරමුණු ජනාධිපති අපෙක්ෂක නාමල් රාජපක්ෂ මහතා දඹුල්ලේ දී පැවැසීය.
නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලදී පැවැත්විණි.
දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාත මහතා මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබෙනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
මෙරට විරැකියාවට තිත තබන බවත් තරුණයන් කෘෂිකාර්මික විවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනවා.
අනුරාධපුරයේ සිට මහනුවර බලා ගමන් කරමින් සිටියදී මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට තිබිණි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔයාගේ අපුච්ච්චායි බාප්පොච්චායි 2005 ඉඳලා හොඳටම කළා නේද? ඉතින් තව ඔයාට කරන්නත් දේවල් ඉතිරිවෙලා තියෙනවාද?
වචනේ තේරුමවත් හරියට දන්නවද මන්දා....!
ඔයාගෙ අප්පොච්චියි, බාප්පල දෙන්නයි කරපු විප්ලවෙන් මුලු රටම හොම්බෙන් ගියා, අපට තවත් පවු නොදී ගෙදරට වෙලා ඉන්න. තැන්කූ...!
ඒ කියන්නේ මලයා තව රොකට් යවයි වගේ...!
ඔතැනදි හූ පාරක් ආවා කියන්නේ ඇත්තද?
එපා නේද? මෙහෙම හොඳයි නාමල්. ඔබලගේ පව්ලේ හැතිකරේ මේ රටට කරපු විප්ලවය මදැයි...!
හැබෑට. කරන්ට් බිලට පොල්ල තිබ්බ කෙනෙක් නේද මේ කියන්නේ?
තාක්ෂණය යොදාගෙන හොරාකන්න නේද යන්නේ?
අනේ ඔව් ඔබතුමා සෑහෙන විප්ලවයක් කලානේ... පසුගිය කාලය පුරාවට, ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දුවක් දුන්නනේ. උතුම් ශ්‍රී දළඳා වහන්සේ ඉදිරිපිට කාර් රේස්, සහ ඊට සමගාමීව රටබීම ආදී නොයෙකුත් පහසුකම් සලසාදීම, තව බොහෝ දේ කළානේ ඇවිත් ඉතිරි ටිකත් කරන්න.
තාත්තා ජනාධිපති, බාප්පා ජනාධිපති, ඔයත් අවුරුදු ගාණක් ඇමැති... ඒ කරන්න බැරිවුණු තාක්ෂණික විප්ලවය දැන් කරන්නේ කොහොමද? කියලා පැහැදිලි කරානම් වටිනවා.
මේවට කොහෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. තාත්තයි, බාප්පයි ඇතිකරපු විප්ලවය අපි දන්නවනේ. මේ වගේ නිකමුන් පස්සේ යන ගොන් රැළකුත් ඉන්න එක තමයි කණගාටුව...
හා ඒවා කරන්න තමයි සේරම ට්‍රයි එක, දැන් තමයි මතක්වෙලා තියෙන්නේ... එක්කෙනෙක් ඇමැතිකාලේ අරමුදලක් විනාශ වෙනකන් ගස්යට ජොබ් දුන්නා. ඒ කාලෙ කරන්න බැරි වුණා..
කරන්න හදන්නේ තාක්ෂණිික විප්ලව හැබැයි මිථ්‍යාව කර ගහගෙන යන්නේ... නැකතට වැඩ, සමහරු නාමයෝජනා පත්‍රය බාර දෙන්න හදපු සුබ දිසාව හොයන කොට නාමයෝජනා මණඩලයේ පිටු පසින් තමයි බාරදෙන්න වුනේ... එයා තමයි මිස්ටර් ඩිජිටල් කට ඇරියොත් සුහුරු...!
මොකක්ද කොල්ලෝ මෙතෙක් කාලයක් නොකිව් වචන පාවිච්චි කරමින් තාක්ෂණික විප්ලවයක් කියන්නේ. රාජපක්ෂ ඔහොම දෙයක් කියපු නිසාද මන්දා අද දවසේ තද වැස්ස හා සුළං හැමුවේ ඔය කියන තාක්ෂණික විප්ලවීය බලපෑම් නිසාද කියලා සැකයක් ඇතිවෙනවා. අප්පොච්චිගේ අයවැයක් මගින් මුදල් යොදවා යවපු යානය දැන් කොයි දේශයේද කියලා කියන්න පුළුවන්ද?
තාත්තා වගේම සුරංගනා කතා කියන්න දන්නවා නේද? අනිත් හැම දේම දැන් සර්ව සම්පූර්ණයි, මේක විතරයි අඩු. ඇයි ඉතිං තාත්තා රට ආසියාවේ ආශ්චර්ය කළානේ...
රටේ ආර්ථික විනාශයට වගකියන්න ඕනෑ මයිනා කියලා තීන්දුවක් දුන්නා නේද? ඒවට මොකද වෙන්නේ? පිනා ඒකත් රිවයිස් කළාද?
හොර පෙරකදෝරුවාගේ පස්සේ යන වහල්ලු? තාක්ෂණික විප්ලවේ ඇති කරන්නේ හීනෙන් වෙන්ඩැති. දූෂිත පවුල් පාලනයක් ගෙනගිය අය මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම බන්කොළොත් කෙරුවා. හරි නම් ඔය එකෙක් නෑර හැම කෙනාම ඉන්න ඕනේ හිරේ..?
තාරුණ්‍යයට හෙටක්, නිල් බලකාය කියලා එකක් අටෝගෙන කරපු හරියත් දන්නෝ හොඳාකාරවම දනිති. තමුන් දන්න තාක්ෂනේ? හොරට ලියලා විබාගේ පාස්කරපු හොර පෙරකදෝරුවෙක් කියලා කවුද නොදන්නේ..?
කලින් වෙනසක් කරන්න 69ක් දීලා කරගත්තු විප්ලවය නම් හොඳටම ඇති