(රෝෂන් තුෂාර)
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව විසින් වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයා ට එරහිව පැවරූ නඩුව විභාගයට නොගෙන උප කුලපතිවරයා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(03) තීන්දු කළේය.
පැමිණිලිකාර තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩු පැවරීම සිදුකර නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා උප කුලපතිවරයා සියලු චෝදනා වලින් නිදහස් කරන බව සිය තීන්දුව ඉදිරිපත් කරමින් සදහන් කළේය.
මෙසේ නිදහස් කරනු ලැබුවේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතාය.
මහාචාර්යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික බාලසූරිය මහතා මූලික විරෝධතා අධිකරණයට ඉදිරිපත් කළ අතර එම විරෝධතා සලකා බැලීමෙන් පසුව මහාචාර්යවරයා නිදහස් කිරීමේ නියෝගය නිකුත් කළේය.
මාතර විශ්ව විද්‍යාල විද්‍යායතන යේ සේවයෙන් ඉවත්ව ගිය සේවකයෙකු සිය පත්වීම් ලිපියට අදාළව ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තාක්ෂණ සරසවියේ හිටපු උපකුලපති ආර් ටී අයි නඩුවෙන් නිදහස්