(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741 ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලක බැර කළ යුතු නමුත් එම විධිවිධානවලට අනුගත නොවී මහ භාණ්ඩාගාරයට බැර කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
ප්‍රචාරණ වෘත්තිය උපදේශකවරයකු වශයෙන් හිටපු අධ්‍යක්ෂ වරයකු බඳවා ගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන එම කාර්යාලය අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුළ හෝ වෙනත් චක්‍රලේඛයක කිසිදු විධිවිධානයක් නොතිබියදී අධ්‍යක්ෂ මණ්ඩලය මොහු මෙලෙස සේවයට බඳවා ගෙන තිබූ බවද ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තේ මණ්ඩලය අනුමැතිය නැතිව කෝටි 741ක් ආයෝජනය කරලා
'වඳවී' යන 'සිලෝන්-ටී' Friday, 23 December 2022 10:13 PM
එතරම්ම මුදලක් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන පිටවුනා කියන එක මහ ලොකු දෙයක් නොවේ. ඕවගේ මාස්ටර්ලා "කසල-තේ" කෙතරම් රට පටවනවාද යන්න ඔබලාම දන්නවා ඇතිනේ..! සුද්ධා ලොවට හඳුන්වාදුන් "සිලෝන්-ටී" නාමය කාපු කසලයොනේ ඕවගේ ඉන්නේ..! අනික පොලිසිය කිලෝ ගණන් පටවගෙන යන 'කසල-තේ' ලොරි අල්ලලා මාධ්‍යට පෙන්නුවාට ඒවා විනාශ කළා කියලා ඒ මාධ්‍යවලින්ම ලොවට පෙන්වන්නේ නැහැනේ... ඉතින් 'වඳවී' යන 'සිලෝන්-ටී' ගැන තමයි දැන් කියන්න තියෙන්නේ..!