
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ එල් ඒ ජයසිංහ)
මහනුවර මධ්‍යම වෙළඳ පොළ තුළ පවත්වාගෙන යන හෝටලයක තේ සහ සිසිල් බීම අලෙවි කරන මුවාවෙන් කසිප්පු අලෙවි කරමින් සිටියදී එම හෝටලයේ හිමිකරු සමඟ සේවකයෙකු කසිප්පු බෝතල් 08ක් සමග මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් කිසිවෙකුටත් සැක නොසිතන ආකාරයට සිසිල් පැන් බෝතල් තුළ කසිප්පු අසුරා මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර හෝටලයේ මුදල් අයකැමිට මුදල් ගෙවූ පසු හෝටලයේ තේ නිකුත් කරන කවුන්ටරයේ සිටින පුද්ගලයෙකු කසිප්පු තේ කෝප්පයට දමා නිකුත් කොට ඇති බව පොලිසිය කියයි .
මෙම ජාවාරම කලක සිට කරගෙන ගොස් ඇති බව පවසන පොලිසිය වෙළඳපොලේ සේවය කරන නාටාමිවරුන් වෙළෙඳ සැල්වල සේවය කරන ගෝලබාලයන් එම හෝටලයේ දිනපතා ගනුදෙනුකරුවන් වී ඇති අතර පාන්දර 5.00 සිට එම ජාවාරම සිදුව ඇති බවද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තේ නම් ඕවා කරන්නෙ ඉතාමත් ප්‍රසිද්ධියේ තමයි. උදේම අල්ලන කට්ටියේ කෙනෙක් ගෙදරට එනවා ගන්නවා යනවා. හවස 5 න් පස්සෙ පාරක යන්න බැහැ. මුදලාලියා ෆාමසි වලටත් ගෙනවිත් දෙනවා .ඒවායිනුත් බෙදනවාද දන්නෙ නැහැ. අනෙක් දවසේ අනුබල දෙන පොලිස්කාරයගේ අංකය ,මෙවැනි ලිපියක් තිබුනොත් දෙන්නම් .