
(චන්ද්‍රපාල ගුණවර්ධන)
ණයට ඇනවුම් කළ ලොතරැයියට හිමි වූ රුපියල් ලක්ෂයක මුදල හිමිකරුට ලබාදුන් ලොතරැයි වෙළෙන්දියක් පිළිබඳ පුවතක් පිටිගල තලගස්පෙ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
දිනපතා ලොතරැයි කීපයක් වෙන්කරන තරුණයකු සුපුරුදු පරිදි පසුගිය දිනක තමන්ට ලොතරැයි පහක් තබන්නැයි දැන්වීය. පසුදින ලොතරැයි රැගෙන ඒමට නොපැමිණියද වෙන්කර තිබූ ලොතරැයි පත් එම කාන්තාව විසින් පරීක්ෂා කර බැලුවාය.
එසේ වෙන් කර එක් ලොතරැයියකට රුපියල් ලක්ෂයක මුදලක් දිනා ඇති බව ඇයට පෙනී ගියාය. ඒ මොහොතේම දුරකතනයෙන් කතා කර වෙන් කළ ලොතරැයි දිනුමට රුපියල් ලක්ෂයක් දිනා ගෙන ඇති බව දැන්වීය.
එපමණක් නොව ඔහුට හිමි ලොතරැයි දිනුම කඩිනමින් ලබා ගැනීමට ඇය සලසා දුන්නාය.
දිනුම ලබාගත් තරුණයා ඉතා සතුටින් ලොතරැයි වෙළෙන්දියට රුපියල් 5000ක් තෑගි කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලගස්පේ පාසල අසල අදටත් ලොතරැයි අලෙවි කරන කේ.කේ. විජිත මලිල්කා මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය. ‘‘ මගෙන් ටිකට් මිලදී ගන්න අයකුට වාසනාවක් ලැබුණා ඔහුට එය ලබාදීම මගේ යුතුකමක්‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තමයි වටිනා පින්කම් කියන්නේ. මේවගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "අවංක" අය ඉන්න එක ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක්.
එයා නම් ඉතාම ආදර්ශමත් කාන්තාවක්. එය වංචා කරන අයට සම්පූර්ණ ඉඩකඩ හා අවසරය තිබුණා. ඒත් එයාගේ උතුම් හැදියාව නිසා එය වාසනාව හිමි අයට යුතුකම ඉටුකළා. අර දියවන්නාවේ ඉන්න හොරු, මංකොල්ලකාරයෝ වගේ නෙමෙයි.
මිනිස්සු...
කර්මය කැරකෙනවා... මෙතුමියට සුදුසු කර්ම පල සුදුසු කාලයේදී ලැබෙයි.
මේ අවංක ගුණ සෑම සිත තුළකම ඇතිවේවා....!!!
මේ කාන්තාවට තියෙන මනුස්සකමින් 0.001ක් වත් අපේ පාර්ලිමේන්තුවේ ඉන්න පාලකයින්ට තිබ්බා නම් මේ රට ගොඩක් ලස්සන වෙන්න තිබ්බා.
නියමයි... දෙන්නාටම සුබපැතුම්..!!!
වර්තමාන පාලකයිනි, අනෙකුත් සියලුම ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීම පිණිස... මෙම මාතාව ගෞරවයක්... ඇගයීමටත් ලක්කළ යුතුයි.
මේක වුනේ ලංකාවේද?
උතුම් මාතාවක්... ඇයට නිරෝගි සුවය සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනය කරනවා.
ජනතාව ගසාකන දූෂිත දේශපාලුවන් ඉන්න රටේ මෙවැනි අය ගැන ඇසීමත් සතුටක්...
5000/= ද දුන්නේ?. හොඳටම මදි..
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ කෙනෙක්
පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි අය ලොතරැයි කූඩුවේ. කූඩුවේ ඉන්න ඕනි අය පාර්ලිමේන්තුවේ
නූගත් සාමාන්‍ය මිනිස්සු ලොකු වාහනවල අය ටයිකෝට් අඳින අයට වඩා ගව් ගණනක් ඈතින් ඉන්නේ.. මෙයයි නියම තත්වය.