IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’ණයගත් ව්‍යවසායකයන්ට උපරිම සහන දෙන්න’’

(ඩයනා උදයංගනී)

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බැංකු සිය පොලී අනුපාතයන් ඉහළ දමා තිබීම තුළ ඇතැම් ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා එම පියවර  අත්‍යාවශ්‍ය වුව ද ව්‍යවාසයකයන් ආරක්ෂා කර ගැනීම ද අතිශය වැදගත් බව සියඹලාපිටිය මහතා කීවේය.

එබැවින් ශ්‍රී ලංකා මහබැංකුව ලබා දී ඇති මාර් ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබා දීමට ඇති හැකියාව සොයා බලන්නැයි ඔහු බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළ අතර, මේ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද රාජ්‍ය බැංකුවලින් ඉල්ලීමක් කළේ ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදීය.



අදහස් (1)

’’ණයගත් ව්‍යවසායකයන්ට උපරිම සහන දෙන්න’’

Thushari Wednesday, 28 September 2022 03:22 PM

කොරෝනා වසංගතයට පෙර වසර 3ක් 4ක් ඇතුළත ණය ලබාගෙන කොරෝනා නිසා බංකොළොත් වුණු හා ඉන්පසු රටේ ආර්ථික තත්ත්වය හමුවේ ණය නොගෙවීමට නොහැකි වී ඇති ප්‍රධාන හේතුව ගෙවන මුදල් සියල්ල බැංකු විසින් මූලික මුදලින් අඩු නොකොට පළමුව පොළිය කරගෙන දිගින් දිගටම පොළිය නොකඩවා එකතු කරමින් පැවතීමයි. එමනිසා මූලික මුදල මුලින් අය කර ගැනීමට බැංකුවලට උපදෙස් දීම වහා සිදු කරන්න....

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site