ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි.මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.
යහපාලන රජය මගින් ආරම්භ කිරීමට තීරණය කරන ලද මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් නැවත්වීමට තීරණය කරන ලදි.පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා කළේය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය සිටින අතරතුර දැනට නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ නව ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලනු ඇතැයි ජපාන තානාපති කාර්යාලය පවසා ඇත.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන මගුල කරත් ගසා කෑම තමයි අවසාන ප්‍රතිපලය .ඇමැතීන්ගේ ගෑනු දැන්ම කමිෂන් ගැන කතාවෙනවා ඇති
හොඳ වැඩක්. කොමිස් නැතුව කරන්න බලන්න
ඕක එපා කියලා අර ඉංජිනේරු තට්ටයා හිරේ දාන්නේ කවදාද?
එහෙම පොරොන්දුවක් වෙලා නැහැනේ .මෙයාලා හොයලා බලන්නම් කියලානේ කියලා තියෙන්නේ
විශිෂ්ඨ ව්‍යාපෘතියකි...