
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙනියායෙ බැංකුවකින් මුදල් රැගෙන නිවසට පැමිණෙන බව කියා අතුරුදන්ව සිටී සිටි තේ දළු ව්‍යාපාරිකයා නුගේගොඩ දෙල්කඳ ව්‍යාපාරික මිතුරකුගේ නිවසේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
එම මිතුරා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු දෙනියායේ සිට පැමිණි තිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර මංජුල මහතාට බුද්ධි නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙන ඇති අතර ඔහු බැංකුවෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 10 යි මුදලින් ලක්ෂ තුනක ඉඳලා නැවතත් බැංකු ගත ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
කොලොන්න ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේ තේ දළු මිළ දී ගන්නා ප්‍රධාන ව්‍යාපාරිකයා බවත් කිසියම් හේතුවක් හේතුවෙන් ඔහු ණය වීම හේතුවෙන් ඔහු බැංකුවෙන් මුදල් රැගෙන පැමිණෙන විට පැහැර ගත් බවට සමාජයට හැඟවීමට මිතුරාගේ නිවසේ සැඟව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඉකුත් 16 වැනි දින ඔහු නිවසින් පැමිණ ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මනුස්සයාට සමාජෙට මුහුණ දෙන්න බෑ. මේ වගේ දේවල් හීනෙකින් වත් කරන්න හිතේ තියෙන්න නැතුව ඇති දැනට අවු 4 - 5 කට කලින්. ඇත්තටම දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු අසරණ වෙලා තියෙන විදියට. හුඟක් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ අන්ත අසරණ වෙලා. මේ ආර්ථිකේ සංකෝචනය වීමේ අනිටු විපාක. දේශපාලුවෝ තවමත් බෝක්කුවක් විවෘත කරන්නත් උත්සව තියනවා. අර නයිජීරියාවේ වුණා වගේ දේවල් ලංකාවේ වෙන්නේ අන්තිමේ. එහෙ රජය පෙරළුවා. මහා බැංකු අධිපතිට පැය 48යි දුන්නේ සල්ලි වලට මොකද වුනේ කියන්න. එයාත් අසරණ වෙලා මාධ්‍ය ඉස්සරහ හඬා වැටුණා. මම එහෙ ඉඳලා තියෙනවා. හොරකම් නොකරන මිනිහෙක් හොයා ගන්න හරි අමාරුයි. රට ඒ මට්ටමට වැටුණා. ඉහල හොරකම පහළටම ගලාගෙන ගියා...
අර මහබැංකුවෙන් සල්ලි හොරකම් කරපු අය තවමත් නිදැල්ලේ නේද? ඉන්න තැන කිව්වොත් අල්ලනවද?
කම්බ හොරු නිදැල්ලේ... අහිංසකයෝ මාට්ටු... මරේ මරු..
ඇයි තව මහා පරිමාණයේ ව්‍යාපාරිකයන් රොත්තකගේ මිලියන ගණන් ණය ආණ්ඩුව කපා හැරියේ ගෙවන්න ඕනේ නෑ කියලා. ඔක්කෝම කුණු බේරුවල බොක්කට වගේ දුප්පත් අපිට තමා හැම නීතියක්ම...