
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ ඝානාව වැනි ණය බරින් පීඩිත වී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීම සඳහා ජාත්‍යන්තර ණය හිමියන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසා ඇත.
ණය බරින් පීඩිත වී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුවහොත් එය ගෝලීය ආර්ථිකයටද තල්ලුවක් වනු ඇතැයි යෙලන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.සැමීබියාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැලසුමකට එළඹීමට අවුරුද්දකට වැඩි කාලයක් ගත වූ බවත් එම සැලසුම ශ්‍රී ලංකාව සහ ඝානාව වැනි ණය බරින් පීඩිත වී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දෙමින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගත හැකි බවත් ජැනට් යෙලන් මහහත්මිය පෙන්වා දී ඇත.
රටක් ණය අර්බුදයට පත්වන සෑම අවස්ථාවකදීම ණය සහන ලබා දීම සඳහා පළමු පියවරෙන් පටන් නොගෙන සැමීබියාවේදී එකඟ වූ පොදු ප්‍රතිපත්ති ඒ සඳහා භාවිත කළ යුතු බව ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.
ජී20 සමුළුවේ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට ප්‍රථම ඉන්දියාවේ ගාන්ධිනගර් හි පැවති හමුවකදී ජැනට් යෙලන් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් ණය බරින් පීඩිත වෙලා තියෙන්නේ නායකයින් හොරාකාපු නිසා නම් කිසිම සහනයක් දෙන්න එපා. රටේ මෝඩ මිනිස්සු දැනගන්න ඕනෑ සුදුසු මිනිස්සුන්ව නායකයින් කරගන්න.
මෝඩ වැඩ කරන්න එපා. ඔයාල ඔහොම දුන්නොත්...පාලකයන්ට තම යි ඒ් කෙරෙඩිට් එකත් යන්නෙ..උන්ගෙ මොඩකම් සහ ගසා කෑම් තවත් යහටපත් වෙනව..පුලුවන් නම් උන්ව ඔඩිට් එකක් කරල..උන්ට දඩුවම් දීල...නය සහන දෙන්න.