(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය යම් ප්‍රමාණයක් කපා හැරීමකට හැකි ඉක්මණින් එකඟ වන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලීමක් කර ඇති බව බී.බී.සී පුවත් සේවය වාර්තා කර ඇත.
තම ණය ගෙවීම පැහැර හැරි ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් ගොඩ එම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියත් ශ්‍රී ලංකාව, චීනයට සහ ඉන්දියාවට ගෙවීමට ඇති බිලියන ගණනක ණයෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමට එම රටවල් එකඟ වන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකඟතාවයකට පැමිණි ණය මුදල නිදහස් නොකරනු ඇතැයි බී.බී.සී පුවත් සේවය පෙන්වා දී තිබේ.
ණය හිමියන් හැකි ඉක්මණින් අවශ්‍ය මූල්‍ය සහතික ලබා දීම තුළින් ශ්‍රී ලංකාවටත් ණය හිමියන්ටත් යහපතක් සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බී.බී.සී පුවත් සේවයේ නිව්ස් නයිට් වැඩසටහනේදී ප්‍රකාශ කර ඇත.
ණය හිමියන් මූල්‍ය සහතික ලබා දීමෙන් ශ්‍රී ලංකාවට තම බැඳීම් ඉටු කරමින් නැවත වරක් ගෙවීම් සිදු කිරීමට අවස්ථාව ලැබෙන බවත් ශ්‍රී ලංකාවට තම බැඳීම් පැහැර හරිමින් දිගු කාලයක් සිටීමට අවශ්‍ය නොවන බවත් ඉන් තම රටට මෙන්ම රටවැසියන්ටද යහපතක් නොවන බවත් වීරසිංහ මහතා පෙන්වා දී ඇත. එමගින් ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබා ඇති විශ්වාසය පළුදු වන බවත් වීරසිංහ මහතා පවසා තිබේ.
පසුගිය වසර අවසාන වන විට චීනය සහ ඉන්දියාව නව ගෙවීම් ක්‍රමයකට එකඟ වෙතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුවත් එය සිදු නොවූ බව බී.බී.සී පුවත් සේවය වාර්තා කර ඇත.ජනවාරි මාසය අවසාන වන විට එකඟතාවයකට පැමිණීමට හැකියාව තිබුණත් ඒ සියල්ල රඳා පවතින්නේ ණය හිමියන් මත බව වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්වි පාර්ශ්වික ණය හිමියා වන චීනයට විශාල වගකීමක් පැවරෙන බවත් ශ්‍රී ලංකාවේ ණය හිමියන් මූල්‍ය සහතික ලබා දීම ප්‍රමාද නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට ප්‍රමාද කිරීමට කාලයක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය බී.බී.සී පුවත් සේවයේ නිව්ස් නයිට් වැඩසටහනට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්.. හරි ආදරෙන් කපා හරියි.. ලංකාවෙ හොඳම කඳුකර ඉඩම් වලින් කොටසක් හිලව්වට ඉල්ල ගත්තෙ නැති වුනොත්. . මොනවද ඔට්ටු. .
ණය කපා හරිනවා වෙනුවට, මේ රට ආක්‍රමණය කර අල්ලාගන්න. ලංකාවේ පල් මෝඩයින්ට රටවල් පාලනය කරන්න හැකියාවක් නැහැ. මොවුන්ට පුළුවන් හොරකම් කරන්න පමණයි. ලෝකෙටම හිඟන්නු වුණාට, මේ රට ඇතුලේ ඉඳගෙන ජාතියයි, මහලොකු ආගමයි ගැන ගහන පම්පෝරි නම් බල්ලෙකුටවත් අහගෙන ඉන්න බැහැ. ඒ තරමටම අප්‍රසන්නයි. මතු උපදින භවයකදී නම් මේ පාපතර ජාතියේ වෙලා උපදින්න එපා කියා ප්‍රාර්ථනා කරනවා. මේ වගේ තිරිසන්නු ලෝකේ කොහේවත් දකින්න ලැබෙන්නේ නැහැ. අනෙකාව පීඩාවට පත් කිරීම තමයි මොවුන්ගේ එකම සතුට...
ණය කපාහරියොත් ජනාධිපති අගමැති ඇමතිලා මන්ත්‍රීලා පාවිච්චිකර වාහන දැක්කලා ඉන්දියානු හා චීන ජනතාව අරගලයක් පටන්ගනීවී. පොන්සේකා කොන්දේ අමාරුවට ගෙනා බෙන්ස් කාරෙක ලෝකෙට පෙනෙන්න එලියටවත් ගන්න එපා.