
(සිතුම් චතුරංග සහ ප්‍රදීප් කුමාර)
වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වූ බව පොලිසිය කියයි.
වයස අවුරු 42 පමණ පියා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි ඇති අතර වයස පමණ වන 36 මවගේ සහ 09 හැවරිදි 03 හැවිරිදි දියණියන් දෙදෙනාගේ සිරුරු නිවසේ තිබියදී සොයාගෙන ඇත.
මිය ගිය පියා ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ ව්‍යාපාරයක් සිදු කොට ඇති අතර මව ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිට ඇති බවට තොරතරු ලැබී ඇතැයි පොලිසිය කියයි
අදාල මරණ වලට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර පියා සියදිවි හානි කරගෙන ඇති බව මුලික විමර්ෂණවලදී අනාවරණය වන බව වවුනියාව පොලීසිය සදහන් කරයි වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට විනාශ කරපු දේශපාලුවන්ට රාජ්‍ය නිලධාරීන්ට හැම එවුන්ටම හෙන ගහන්න ඕන
අදාල මරණ වලට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර පියා සියදිවි හානි කරගෙන ඇති බව??
ප්‍රවෘත්ති සංස්කාරකගෙන් මම අහන්නේ , තමුන්ගේ ප්‍රවෘත්තියේ දාලා තියෙන කරුණුවලයි ඒකට දාලා තියෙන ශීර්ෂයේයි තියෙන සම්බන්ධය මොකද්ද?
ඹබලාට නිවන් සසුවලැබෙවා.
දිවි නසා ගැනීම දැන් පටන් අරන් ඉවරයි .තව ඉදිරියට මෙවන් අවාසනාවකට මරණ ගොඩක් ගැන අහන්න ලැබෙයි .මිනිස්සුන්ට ගහන බදු වැඩියි .බද පිරෙන්න දරුවන්ට කන්න දෙන්න නැහැ
මම දේශපාලුවෝ සුද්ද කරනවා නෙමෙයි .ඒත් මේ අම්මට තාත්තට මේ වගේ කිරිසප්පයෝ දෙන්නෙක් මරලා තමනුත් දිවිනහගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් තිබුනෙම නැතිද?ගුරුවරියක් වෙලත්
මයිනන්ට කපුටන්ට සාපවේවා…!
රට බංකොලොත් කරපු උන් සහ දැන් ඉන්න හොර තක්කඩි පාලකයන්ට මේ දවස ගණනේ මේ පත්තරවල තියන ඒවා පෙන්නේ නැතිද. මේවා මුන්ට පලදෙනවා ස්වභාවධර්මයෙන්
සීමාරහිතව පාරිභෝජන ණය ලබාදීමේ සහ ලබාගැනීමේ විපාකය. තම වියදම සීමාව පසුකර යාමට ඉඩදෙන්න එපා කියන එක ඇත්ත නේද?
ප්‍රවෘතියෙ තියෙන්නෙ මරනයට හේතුව සොයාගෙන නැති බව. හෙඩ්ලයින් එක ණය ගෙවා ගන්ට බැරුව සියදිවි නසාගත්ත කියනව.
රටේ මිනිසුන් මුහුන පා ඇති සැබෑ ඛේදවාචකය තමයි මේ.
රටේ ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ.රටේ ආර්ථිකයේ අනාගතය ගැන කිසිම පැහැදිලි දැක්මකුත් නැහැ.කරකියාගන්න විදිහක් නැති රටේ ජනතාව වහ බොනවා.තරුණ තරුණියන්ගේ සුන්දර තරුණ කාලය මහ පාරේ ගෙවීයනවා.මුළු රටම ගිනි ගන්නවා.ජනාධිපති රටේ ජනතාව රවටමින් බොරු බේගල් ඇදබාමින් ,ඉතාමත් සූක්ෂම ලෙස,කවදාවත්ම සිද්ධනොවන ආර්ථිකයක් ගැන ජනතාවට විජ්ජා පෙන්වමින්,මූලික මිනිස් අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින්,තමන්ට පක්ෂපාතී දේශපාලන හෙන්චයියලාගේ උදව්වෙන් තව තවත් රට අගාධයට හෙළමින් සිටිනවා.
මෙය අබිරහස් මිනි මරුමක් බව පසුබිමින් ඇති දේවල් වලින් පෙනෙනව පියා එල්ල දමපු බවට කරුනු පෙනෙනව.
ලෝකයට ණය වෙමින් දශක ගණනක් පාර්ලිමේතුවේ පිලුනුවෙච්චි මේ වගේ පාලකයෝ නැති රටක නැවත උපදින්න වාසනාව ලැබේවා