(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳා ගැනීමට චීනය ඵලදායී ලෙස සහාය වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ පැවති හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා ප්‍රතිඥාවක් ලබා දී ඇත.
වැන්ග් යී මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්ද වේ.චීනය සෑමවිටම ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික හවුල්කරුවා වන බවත් ශ්‍රී ලංකාව චීනය සමඟ සැමවිටම මිත්‍රශීලීව කටයුතු කිරීම අගය කරන බවත් වැන්ග් යී මහතා එහිදී පවසා තිබේ.එසේම චීනයට ගැටලු මතුවන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව චීනය සමඟ සිටි බව වැන්ග් යී මහතා පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා චීනය දැඩි ලෙස සහාය දක්වන බවද වැන්ග් යී මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.තවද රාජ්‍ය පාලනය පිළිබඳ අත් දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට මෙන්ම විවධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවද වැන්ග් යී මහතා පෙන්වා දී ඇත.
එසේම ශ්‍රී ලංකාවට ස්වාධීනව සංවර්ධනය වීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට මෙන්ම සංවර්ධනය නොවීමේ උගුලෙන් සහ දුගීභාවය නැමැති උගුලෙන් ගොඩ එමින් කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණය වේගවත් කිරීමට චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට වැන්ග් යී මහතා ප්‍රතිඥා දී තිබේ.
එසේම ශ්‍රී ලංකාව මුහුණදෙන තාවකාලික අපහසුතා මඟ හරවා ගනිමින් ශ්‍රී ලංකාව සෞභාග්‍ය කරා නැවතත් ගමන් කරනු ඇතැයි විශ්වාස කරන බව වැන්ග් යී මහතා පවසා ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ණය අර්බුදය විසඳන්න චීනයෙන් සහාය