
(ශෂිකා අබේරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින ප්‍රකාශයට පත් කරන ලද නවතම විදේශ විනිමය අනුපාතිකයන්ට අනුව, ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ නිල දර්ශක අනුපාතිකය රුපියල් 336.39 ක් ලෙස සටහන් වී ඇත.
මහ බැංකු නිල දත්ත වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය සතිය පුරාම ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් රුපියල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ බවයි. ඒ අනුව ජුනි මස 01 වැනිදා රුපියල් 329 සීමාවේ පැවති ඩොලරයේ අගය, අද වන විට රුපියල් 336.3944 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල ශක්තිමත් කරන්න නම් අපිට හැමදාම සංචාරක ක්ෂේත්රය සහ විදේශ ශ්‍රමිකයෝ මත පමණක් යැපෙන්න බැහැ. භාණ්ඩ නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕනේ , මේක කරන්න නම් මුලින්ම කර්මාන්ත සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය වැනි දේවල් ආනයනයේදී ගහන තීරු බදු අවම කරන්න ඕනේ , දෙවෙනුව IMF කියපු විදිහට විදුලිබල ශේත්‍රයට පුද්ගලික අංශයේ ආයෝජනත් අරගෙන, විදුලි බෙදාහැරීමේ පද්ධතියට ආයෝජනය කර නවීන පද්දතියක් හදාගෙන සාමාන්‍ය ජනතාවත් හවුල් කරගෙන සුර්යබලය වැනි පුනර්ජනනීය බලශක්තිය අපේ පද්ධතියට සම්බන්ධ කරගෙන විදුලි නිෂ්පාදන වියදම අඩු කරගෙන, කර්මාන්ත සහ පුද්ගලික පාවිච්චියට විදුලි ගාස්තු අඩු කරගන්න ඕනේ....
අර මා කලින් සදහන් කළ විදිහට තීරු බදු අඩු කරාම රජයේ අදායම අඩුවෙනවා.. එහෙම කළාම රජය වියදම් අඩු කරගන්න ඕනේ, මේකට විසදුම දැනට අවශ්‍ය ප්‍රමාණයකට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ නිලධාරින් ප්‍රතිව්‍යුහ ගත කරගෙන, අඩු වියදමකින් කාර්යක්ෂම රජයේ සේවයක් ජනතාවට ලබාදෙන්න ඕනේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි පාඩු ලබන රජයේ ව්‍යාපාර පිළිබඳව යම්කිසි පියවරක් ගන්න ඕනේ, නමුත් පසුගිය වසර 10 සහ වර්තමානයේ කරන ආකාරයට මුකුත්ම නොකර සිටියොත් අර්භුධය උග්‍ර වනු ඇත...
ඒ කට කමක් නෑ අපි මාලිමිවට. උම්......බෑ ........................