
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගි මදුරුවා සක්‍රීය වන සහ දෂ්ට කරන කාල සීමාවේ පැහැදිලි වෙනසක් සිදුව ඇති බව අලුත් ම පර්යේෂණවලින් හෙළිව ඇතැයි ජාතික ඩෙංගි මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පවසයි.
මීට පෙර ඩෙංගි මදුරුවා වඩාත් සක්‍රීය වූයේ, හිරු උදාවන සහ හිරු බැස යන හෝරාවන්හි වුවද නව පර්යේෂණ වලට අනුව උදෑසන 6:00 සිට 11:00 දක්වා කාලය තුළ මෙම වාහක මදුරුවන් වඩාත් සක්‍රීයව සිටින බව අනාවරණය වී තිබේ.
උදෑසන කාලසීමාව පොදු ජනතාව සහ පාසල් දරුවන් වඩාත් ක්‍රියාශීලීව බාහිර පරිසරයේ ගැවසෙන කාලය බැවින් මදුරුවන් දෂ්ට කිරීමේ ප්‍රවණතාව සහ අවදානම බෙහෙවින් ඉහළ ගොස් ඇත.
තවමත් පාසල් පරිශ්‍රවලින් මදුරු කීටයන් බහුලව හමුවීමේ හේතුවෙන් විශේෂයෙන්ම පාසල් දරුවන් මේ හේතුවෙන් දැඩි අවදානමකට ලක්ව සිටින බව වෛද්‍ය කන්නන්ගර සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලාව වෙනස් වුණු එක අහන්නත් දෙයක්ද? දැන් නමත් වෙනස් වෙලානේ. 'ඩෙංගි'