(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ඩෙංගි අධි අවදානම් කලාප 60 ක් හදුනා ගෙන අැත

ඩෙංගු අධිඅවදානම් කලාප 60 ක තුළ හෙට සිට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන එය සම්බන්ධීකරණය කරයි

. මේ අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය හේතුවෙන් දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව 1,000 සීමාව ඉක්මවා අැත ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 67,000 ඉක්මවා ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 47ක්.