
(ගයාන් සූරිය ආරච්චි)
දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවැත්වුණු සංගීත ප්‍රසංගයක විශේෂ ආරක්ෂක රාජකාරියෙ යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියකගේ උකුල මත වාඩි වී ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වර යාගේ වැඩ තහනම් කළ බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
දඹුල්ල ගම්මුදාව නගර සභා ක්‍රීඩා පිටියේ ඉකුත් (15) දා පැවති සංගීත ප්‍රසංගයක විශේෂ රාජකාරිය යොදවා සිටි මකුළුගස් වැව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරියකගේ උකුලමත වාඩි උණැයි අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට මුහුණ දී ඇති පොලිස් කොස්තාපල්වරියද මකුළුගස්වැව පොලිසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන කොස්තාපල්වරියකි. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd