(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන හිගය හේතුවෙන් හෙට(28) සිට පෞද්ගලික බස්රථවල ගමන්වාර ප්‍රමාණය සියයට 50 කින් අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව කාර්යාල වේලාවන්, අපොස උසස් පෙල විභාගය පැවැත්වෙන කාල සීමාවන් ආදී ය අත්‍යවශ්‍ය ගමන්වාර පමණක් බස් රථ ධාවනයට පියවර ගන්නා බවද විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
අනවශ්‍ය ගමන්වාර සහ දිවා කාලයේ බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම සීමා කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.
කොරෝනා වසංගතයේ බලපෑම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ධාවනය වන බස් රථ ප්‍රමාණයද සියයට පනහකට අධික අගයකින් පහල බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඒ අනුව විසිදහසක් පමණ ධාවනය වූ පොෟද්ගලික බස්රථ ධාවනය වන්නේ අට දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් හෙතෙම පැවසීය.
එම ධාවනය වන බස් රථවල ගමන්වාර සියයට 50 කින් අඩු කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවකට පත්විය හැකි බවත් ඔහු කීවේය.
ඉන්ධන හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු පිට පලාත් බස් රථ සේවා වලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඉන්ධන ලැබෙන පරිදි බස් රථ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩීසල් හිඟය බස් ධාවනයටත් බලපායි
de silva Sunday, 27 February 2022 05:18 PM
කරුණාකර දැන්වත් IMF එකට යන්න.. විදේශ ශ්‍රමිකයාගේ ඩොලර්වලට නියම වටිනාකම ගෙවන්න.
sugathSunday, 27 February 2022 06:16 PM
ඩොලර්වලට නියම වටිනාකම කියන්නේ කළු කඩේ ගානද?
fairoos Sunday, 27 February 2022 07:32 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව තියෙනකන් ලංකාවට කිසිම සෙතක් නෑ...