(නිමල කොඩිතුවක්කු)
පවතින ඩීසල් හිගයට පිළිගත හැකි විසඳුමක් ලබා නොදුනහොත් ලබන සතියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි.
ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ සතිය තුල පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අන්තර් පළාත ඇතුළු බස් රථ හිමියන් සමග සාකච්ඡා කොට තීරණයකට එළැඹි බවත් විජේරත්න මහතා කීවේය.
පෞද්ගලික බස් රථ සංගම් වලට අමතරව, පාසල් වෑන් රථ, බහාලුම් ප්‍රවාහන රථ ආදී සියලුම ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර දැවැන්ත ක්‍රියා මාර්ගයට යොමුවන බවත් හෙතෙම කීවේය.
බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළත් ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා මේවන විට ඉන්ධන නොලැබෙන බවත් විජේරත්න මහතා කීවේය.
ඩීසල් නොමැති වීම හේතුවෙන් මේ වන විට බස්රථ දස දහසකට අධික ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් අද(29) දිනයේ ධාවනය වූයේ බස්රථ හය දහසකටත් අඩු සංඛ්‍යාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩීසල් හිගයට විසඳුමක් නොදුන්නොත් ධාවනයෙන් ඉවත්වෙනවා