(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල රුපියල් 15කින් පහල දැමුවත් බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
බස් ගාස්තු පහළ දැමීමට ඩීසල් මිල සියයට 4කින් අඩුවිය යුතු වුවත් ඩීසල් මිල පහල දැමීම බස් ගාස්තු පහළ දැමීමට තරම් ප්‍රමාණවත් නොවන බවත් එහි ප්‍රකාශකයකු පැවසීය.
මීට පෙර සිදු කෙරුණු ඉන්ධන මිල සංශෝධනයේදී ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කල අතර ඒ අනුව ඉකුත් කාලසීමාව තුළ පැවැති ඩීසල් මිල මේ වනවිට රුපියල් 25 කින් අඩු කර තිබේ.
එයට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් කළ විමසීමකදී එම ප්‍රකාශකයා මේ බව පැවසීය.
කෙසේවෙතත් ඉදිරියේදී මගී ජනතාවට යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්චා කරමින් සිටින බවත් ඔහු තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd