(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක් ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඩීසල් තොගය සමග රැගෙන ආ පෙට්රල් 92 තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසු එය හොඳ බව තහවුරු වීමෙන් පසු ගොඩ බෑ බවද ඔහු සඳහන් කළේය.
"මේ රටට අපි ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරලත් නැහැ. බෙදාහැරලත් නැහැ" යැයිද ඔහු සඳහන් කළේය.
ඩීසල් තොගේ පරික්ෂා කිරීමට නිලධාරීන් එහි සම්පත් එහි ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා ඩීසල් ගොඩබෑමක් දැනට කර නැතැයිද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩීසල් තොගයක් ගැන සැකයක්
monaragala Tuesday, 07 November 2023 04:55 PM
දෙවෙනි සාම්පලේ සමත් වෙනවා...
චන්දන Tuesday, 07 November 2023 06:15 PM
දැන් කියයි ඒ ඩීසල් හොඳයි කියලා...
Perera Wednesday, 08 November 2023 01:58 PM
මීට කළින් බාල පෙට්‍රල් ගෙනැල්ලා වුණු වින්නැහිය මෙයාට අමතක වෙලා...
Nimal Wednesday, 08 November 2023 02:31 PM
සැකයක් නෑ මල්ලි... ඕක පන්නගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි...