(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් ආනයනය කෙරුණු ඩීසල් තොගයක් ගැන මතුවූ සැකයක් මත ඒවා පරීක්ෂණ සඳහා යොමු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.
ප්‍රමිතියෙන් තොර බව සනාථ වුවහොත් එම ඉන්ධන ගොඩ නොබා නැවත හරවා යවන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඩීසල් තොගය සමග රැගෙන ආ පෙට්රල් 92 තොගය තත්ත්ව පරීක්ෂාවෙන් පසු එය හොඳ බව තහවුරු වීමෙන් පසු ගොඩ බෑ බවද ඔහු සඳහන් කළේය.
"මේ රටට අපි ප්‍රමිතියෙන් තොර ඉන්ධන ආනයනය කරලත් නැහැ. බෙදාහැරලත් නැහැ" යැයිද ඔහු සඳහන් කළේය.
ඩීසල් තොගේ පරික්ෂා කිරීමට නිලධාරීන් එහි සම්පත් එහි ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා ඩීසල් ගොඩබෑමක් දැනට කර නැතැයිද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවෙනි සාම්පලේ සමත් වෙනවා...
දැන් කියයි ඒ ඩීසල් හොඳයි කියලා...
මීට කළින් බාල පෙට්‍රල් ගෙනැල්ලා වුණු වින්නැහිය මෙයාට අමතක වෙලා...
සැකයක් නෑ මල්ලි... ඕක පන්නගන්න එක ඒ හැටි දෙයක් නෙවෙයි...