
(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරචිචි )
මුදල් විශූද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (5) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාතිවරියක් වන ඩේසි ෆොරස්ට් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමෙන් පසුව ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සී.එස්.එන්. නාලිකාවේ ගිණුමක් සම්බන්ධයෙන් මෙහිදී ඩේසි ෆොරස්ට් මහත්මියගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගෑණි හංගපු ආයුධ තියෙනවා. ඒවා පෙන්නන්න එක්කන් යන්න. බැනලා 2ක් එක්ක.
වයසක උන්දැලාත් පටලවාගෙන සොරකමේ යන පවුලක්, දැන් ඉතින් මුන්දටත් උසාවි ගානෙ යන්න එපායැ.
තමන්ගේ අම්මාට අසනීප වුණාම, කොටුව ජනාධිපති කාර්යාලයේ ඉඳන්, අනුරාධපුර මහා රෝහලට හෙලිකොප්ටරයෙන් යන, උණුවෙන හදවතක් තියෙන, සංවේදී අනුර ජනාධිපතිතුමා, අවුරුදු 98ක් වයස වයෝවෘද්ධ කාන්තාවකට රෝද පුටුවක් හෝ උපස්ථායිකාවකගේ සහාය ලබාගන්න නොදී, තට්ටු පඩිපෙළවල් දෙකක් උඩට දක්කාගෙන යන හැටි කදිමයි. දායක සභාව...! සාධු කාරයක් දෙන්න පින්වතුනි...!
රාජපක්ෂලාට අහුවුණු කවුරුවත් යහතින් ගියේ නැහැ.. හැදිගෑවිලා ගියේ…!
මේ වයසක මනුස්සයාවත් තමුන්ගේ වංචා වලට සම්බන්ධ කරගන්න මහා අපත පවුලක් රාජපක්ෂ පවුල
පට්ටපල් බොරු කියන්න එපා. හෙලිකොප්ටරයෙන් අනුරාධපුරයට අම්මා බලන්න ජනපති ගියේ නැහැ. ද්වේශය වපුරන්න එපා ඔය ප්‍රශ්නයට ඩේසි ආච්චි පටලවපු එක යෝෂිතයි කළේ