(අජන්ත කුමාර අගලකඩ)
දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් සමග එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු හවුල් පක්ෂ කණ්ඩායම සමඟත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග සහ චම්පික රණවක මහතා සමගත් සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පවුල්වාදය ,විප්ලවවාදය යන අන්ත දෙකෙන් මිදී ,ප්‍රතිසංස්කරණවාදී දේශපාලන ව්‍යාපාරයක් බිහි කිරීම සඳහා මෙම පිරිස සැලසුම් කරමින් සිටින බව ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පක්ෂ සමග එකගතාවක් ඇති කර ගැනීම,දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් මැතිවරණ ජාලයක් ගොඩනැගීම, ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සම්බන්ධතාවක් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණයක් මත පදනම් වූ දේශපාලන වැඩපිළිවෙළක නිරත වීම යන අරමුණු මුල්කරගෙන මෙම නව දේශපාලන සන්ධානයගොඩ නැගීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවොම තමයි වෙනත් විදියකට. මේ සෑරේ පොහොට්ටුව පිපිල මල ,ලකුන වශයෙන් දාපල්ලා.
අලුත් අලුත් පක්ෂ හද හදා කාලෙ නාස්ති කරනව මිසක රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න එකමුතු වන පාටක් නෑ. කාටත් ඕන තනතුරු . ඒකට පක්ෂ භේද නෑ.
මංගල පස්සේ සුදු නෙළුම් කරගහගෙන ගිය මෙයා බලයට ආවොත් මොන මොන වැඩ කරයිද දන්නේ නෑ...!
කවුරු හරි ලණුවක් දිලා වගේ... කාලම එන්නකෝ...!
ලොව විශ්‍රාම නොයැවෙන එකම රස්සාව ඇති රට තමයි ලංකාවේ මැති ඇමති රස්සාව... ඉතින් දාලා යයිද..?
එහෙනම් ගාලු මුවදොරදී හමුවෙමු...
ඩලස් නායකත්වයට සුදුසුකම් සපුරා නොමැති බව අපගේ හැඟීමය. නායකයෙක් තුළ තිබිය යුතු පෞරුෂත්වය ඩලස් තුළින් නොපෙනේ...!
පොහොට්ටුවට කෙලවෙනකොට අලුත් නාටකයක් හදනවා වගෙයි. දෙකේම නිර්මාතෘ එක්කෙනාමද? ලබන ඡන්දෙට පොහොට්ටුව මේකට මුක්කුව ගහයි. කවුරු වුණත් නම හරියටම දාලා තියෙනවා. "ව්‍යාපාරයක්"
පුද්ගලයන් නොව හරි ජනතාවාදි ප්‍රතිපත්තියයි අවශ්‍ය. අරගලය දුක්වේදනා මැදින් අවස්ථාව අපට අරන් දී තිබෙනවා. සත්‍යය එයයි...
වීරවංශ, ගම්මන්පිල ඩලස්ගේ සන්ධානේ ඉන්නවා කියන්නේ බඩුම තමයි.
විමල් වීරවංශ...?
මේ ඔක්කොම හොරු මල්ලි. මේ ඔක්කොම යාලුවො මල්ලි...!
ඇමරිකාවේ හිටපු ඩලස් අලහප්පෙරුම කියන්න ඇමරිකන් ඩොලර් කොලයේ ලියලා තියෙන්නේ "ට්‍රස්ට් ඔප් ගෝඩ්" (දෙවියන් විශ්වාසයි) කියලාද? නැද්ද? ඇමරිකන් ජනපති දිවුරුම් දෙන්නේ බයිබලයේ අත තියලද? නැද්ද? සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටලු ඇමරිකාව. එහෙනම් ලංකාවේ "නමෝ බුද්ධාය" බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා සල්ලිකොල වල තිබුණොත් ඔබ විරුද්ධද? ලංකාවේ බෞද්ධ පාසල්වලට විරුද්ධවෙලා සහිරා, හින්දු විද්‍යාලය, පල්ලි විද්‍යාලවලට විරුද්ධ නොවන්නේ ඇයි ඔබ ඩලස්..?
ආයේ නම් මොන නමින්වත් පාර්ලිමේන්තු එන්න අවශ්‍ය නෑ. අලුත් අයට ඉඩදී විශ්‍රාම යන්න