IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඩොලරය තවත් පහළට

(යොහාන් භාසුර)

ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය මාස 10 කට ආසන්න කාලයකට පසුව රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව අද (3) නිවේදනය කළේය.  

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය රුපියල් 299.96 ක් බවත් ඩොලරයක අගය රුපියල් 300 ට අඩු අගයකට පත්වූයේ පසුගිය වසරේ ජූනි 12 වැනිදායින් පසුව වීම කැපී පෙනේ.

අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 295.24 ක් සහ විකුණුම් මිල රුපියල් 304.60 ක් බවත් පසුගිය මාර්තු මස 28 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.6 කින් අතිප්‍රමාණය වී ඇති බවත් මහ බැංකුව කියයි. 

 

 



අදහස් (5)

ඩොලරය තවත් පහළට

Rawana Wednesday, 03 April 2024 02:58 PM

රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙච්චර හරියක් කරලාත්, තෙල් නැතුව කරන්ට් නැතුව හිටපු රටක් බේරාගෙන රට ආපහු ස්ථාවර කරලාත්, රුපියලට වටිනාකමක් දීලාත් මේවා තේරෙන්නේ නැති වටිනාකමක් නැති මිනිස්සු කොටසක් ඉන්නවානේ...!

:       61       40

Ani RawanaWednesday, 03 April 2024 04:40 PM

ගෙදර බඩු හොරකම් කරන් ගිහින් මේවා වෙන්දේසි කරලා මෙන්න ඒක ඔයාගේ කමිෂන් එක කියලා දෙන කෙනාගේ මොන වටිනාකමක්ද? බුද්ධිමත්ව හිතන්න. නැතිනම් ලොක්කගේ යාලුවෙක්ද ඔයා..?

:       16       33

රාමා Wednesday, 03 April 2024 03:30 PM

ඩොලර් එක අඩු වුණාට මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නෑ මහත්තයෝ. අධික බදුබර නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා භාණ්ඩවලට ඉල්ලුම අඩුවෙනවා. එතකොට ආනයන කොහොමත් අඩුවෙලා ඩොලර් එකේ ඉල්ලුම අඩුවෙනවා. ණය ගෙවන්නේ නැති නිසාත් IMF වාරිකයක් ලැබුණු නිසාත්, ළමයින්ට දිවා ආහරය දෙන්න වගේ දේවල්වලට ලැබුණු ආධාර නිසාත් ඩොලර් එක අඩුවෙනවා. අනික මේ තත්වේ ඇතිවෙන්න අවුරුදු 50ක් පාර්ලිමේන්තු ගිය අයත් වගකියන්න ඕනේ...

:       20       51

රනේ Wednesday, 03 April 2024 04:40 PM

හොඳයි එහෙම වුණා කියලා ඔබේ මගේ ජීවිතේට හොඳක් වෙලා තියෙනවාද? ආනයන නෑ. ණය ගෙවන්නෑ. රස්සාවල් දෙන්නෑ. විදුලිය, ඉන්නධ, වැට් බදු ආදියෙන් රජයේ ආදායම් වැඩියි. අපි කොටඋඩ...

:       11       33

කිත්සිරි Friday, 05 April 2024 08:29 PM

ඔබේ ස්නායු ටික කපලා දාගත්තේ කවද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site