(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද(18) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල දීර්ඝ කාලයකට පසුව රුපියල් 300 සීමාවෙන් පහලට පැමිණ තිබේ.
ඒ අනුව අද(18) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.21 ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 312.37 ක් ලෙස සටහන් විය.
මෙරට ප්‍රධාන වාණිජ සහ රාජ්‍ය බැංකු කිහිපයක අද(18) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 296 ක් ලෙස සටහන් වී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක් වෙන්නේ සුනාමියක් එන්න කිට්ටුව මුහුද ඈතට යනවා කියන එක. ඍන ආර්ථික වර්ධනයක් එක්ක මෙහෙම වෙන රටක් ගැන අහල නෑ. සැබෑ ඩොලර් රේට් එකක තියෙන ආර්ථික වටිනාකම අපි මඟ ඇරලා. භාණ්ඩ ආනයන නවත්තලා කර්මාන්ත වැහිලා. මිනිස්සුන්ගේ TV මයික්‍රෝවේව් හදන්න දීල අවු 2 - 3 වෙනවා.
උගන්ඩාවට පටවපු ඩොලර් වලට මොනවා වෙයිද ?
මේවා හොර දේශපාලන ගුණ්ඩු .මේවගේ ඩොලරය අඩුවෙනවානම් සෝයා මීට් පැකට්ටුවක් රුපියල් 200 වෙන්නේ කොහොමද .පසුගිය කාලේ රුපියල් 30 ට තිබුණු ?මේකෙන් රටේ මහජනතාවට කිසිම වාසියක් නැහැ
දැන් ඔයා අපේ ජනාධිපති තුමන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා වුන දෙයක් කියලද කියන්නේ?