IMG-LOGO

ඩොලරය 270 දක්වා ඉහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 270ක අගයක් දක්වා අද (15) පහළ වැටිණි.

ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙතරම් අගයට පහළ වැටුණු මෙරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 259.76 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 269.99ක් විය.

කෙසේ නමුත් මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය/අගය රුපියල් 275ක් ලෙස දැක්විණි.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 20.5ක අගයකින් අවප්‍රමාණය වී ඇත.

 ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතුව ඇති නිල දළ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,313.8 (බිලියන 2.31) කි.

එයින් විදේශ විනිමය ලෙස පවතින සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,025.1ක් වන අතර රත්තරං සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 97.7කි. 

(055)



අදහස් (1)

ඩොලරය 270 දක්වා ඉහළට

Sam Wednesday, 16 March 2022 01:48 AM

තාම සල්ලි අච්චු ගහනවා. මෙය අවසානයේ අධි උද්ධමනයකට තුඩු දෙනු ඇත

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site