
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (14) පස්වරුව වන විට රුපියල් 140,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 150,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවත්ය.
රත්තරන් මිල මෙලෙස අනපේක්‍ෂිත මිල ඉහළ යෑමත් සමඟ ජනතාව අපහසුතාවට පත්ව ඇති අතර විවාහ මංගල්‍ය යෙදී තිබෙන පිරිස මෙයින් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
රුසියාව සහ යුක්රේන අතර පවතින යුද්ධමය තත්වය මෙම අනපේක්‍ෂිත රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති අතර ලෝක වෙළෙඳපොලේ රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1975 ක් බවට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd