(අංජුල මහික වීරරත්න)

2022 වසරේ දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි මස 02 දක්වා කාලයේ යාල ජාතික වනෝද්‍යානය නරඹන්නන් ගෙන් විශාල මුදලක් උපයා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙතෙක් යාල වනෝද්‍යානය දිනකදී ලද ඉහලම ආදායම වන රුපියල් 11,264,179 ක් ජනවාරි 2 වැනිදා වාර්තා කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

දෙසැම්බර් 23 වැනිදා රුපියල් 3,940,487ක් ද, 24 වැනිදා රුපියල් 4,136,654ක් ද 25 වැනිදා රුපියල්  4,298,032ක් ද, 26 වැනිදා රුපියල් 5,011,064ක් ද, 27 වැනිදා රුපියල් 6,476,505ක් ද, 28 වැනිදා රුපියල්  8,190,277ක් ද, 29 වැනිදා රුපියල් 6,973,495ක් ද, 30 වැනිදා රුපියල් 8,056,954ක් ද, 31 වැනිදා රුපියල් 5,282,070ක් ද වශයෙන් උපයා ඇත.

මෙම වසරේ ජනවාරි 01වැනිදා  රුපියල් 4,708,450ක් උපයා තිබෙි.

විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ දකුණු පළාතට පැමිණ ඇති බැවින් ඉන් බහුතරයක් දිනපතා යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීම සඳහා පැමිණෙන බව ද වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.

රටට අවශ්‍ය ඩොලර් ඉපැයීමේ වැඩපිළිවෙලක් ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ආරම්භ කිරීමට ද තීරණය විය.