(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශ වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයේ යළි විශ්වාසය තහවුරු වී ඇති බවත් ඔවුන් ඩොලර් මිලියන 6,000ක මුදලක් ලබාදීමට එකඟතාවය පල කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ආරක්ෂාව සහ ආර්ථික පිළිබඳ විශ්වාසය තහවුරු කළා සේම තුන්වන අභියෝගය ලෙස ඉදිරි මාස කිහිපය තුළ සංචාරකයන් පිළිබඳ විශ්වාසය ඇති කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පානදුර නගරයේ පිහිටි ආතර් වී දියෙස් නාගරික උද්‍යානය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද (25) එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘මහබැංකුව ලෝක වෙළඳපොළට ගිහින් ඩොලර් මිලියන දෙදහසක් ලබා ගන්නයි කලින් සැළසුම තිබුණේ. මේ ගැන විශාල විවාදයක් තිබුණා. සමහර අපේ ව්‍යාපාරිකයන් කිව්වා යවන්න එපා මේ මුදල් යළි ලැබෙන්නේ නැහැ කියලා. අපි ඒ ගැන කතා කළා, විවාද කළා. මහබැංකුවේ අධිපතිතුමාගෙන් අහනවිට අපි කොහොම හරි මිලියන දෙදහසක් හොයා ගන්නම් කිව්වා. ඒ ගැන බලාපොරොත්තුවක් මහ බැංකුවටවත් තිබුණේ නැහැ.
අපි ලෝක වෙළඳපොලට ගිහින් මුදල් බැදුම්කර ඩොලර් මිලියන දෙදහසක මුදලක් අපි ඉල්ලුවා. අපිට ඩොලර් මිලියන හයදහසක් හමුවුණා. හයදාහම ගත්තේ නැහැ අපි ඕන ඩොලර් මිලියන දෙදහස පමණයි අපි ගත්තේ.
අද ජාත්‍යන්තර විශ්වාසය යළිත් අපිට ලැබිලා තියෙනවා. ඒ විශ්වාසයත් සමඟ අපිට ඉදිරි කටයුතු කරන්න පුලුවන්. මෙයට ඉස්සෙල්ලවත් අපිට මේ වගේ තුන්ගුණයක මුදලක් ලැබිලා නැහැ.
අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන අන්න ඒ විශ්වාසය අපිට ලැබිලා තියෙනවා. මෙතනින් අපි සෑහිමකට පත්වෙන්නේ නැහැ. ත්‍රස්තවාදයෙන් පහර ලැබුනේ අපේ සංචාරක ව්‍යාපාරයටයි. දැන් අපි බලන්නේ ඇසල පෙරහැර වෙනකොට සංචාරකයෝ ගෙන්වන්න පුලවන්ද කියලයි.
යුරෝපයේ සමහර අය බයවෙන්න පුලුවන්. ඒ නිසා අපි බැලුවේ ඉන්දියාවේ ඉදන් ඉස්සෙල්ලම එන්න කියන්න.
අපි බැලුවා මේ අය වෙනුවෙන් මොනවද අපිට දෙන්න පුලුවන් කියලා. හෝටල් කාමර කොහොමත් හිස්. අඩුමිලට දිලා කොහොමද මේවා ලබාදෙන්නෙ කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. අපි බලාපොරොත්තුවෙනවා එන සතිය වෙනකොට ඒවත් ප්‍රකාශ කරන්න.
සංචාරකයෝ ගෙන්වා ගත යුතුයි. මොකෙද අපේ අරමුණ දෙසැම්බර් මාසය වනවිට හොඳ ආදායමක් ලබාගන්න පුලුවන් තත්වයක් ඇති කරන්නයි’’යැයිද අග්‍රාමාත්‍යවරයා එහිදි පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සල්ලි දෙන්නේ ණයක් විදියට නේද? ඒක ණයක්නම් එක ගෙවන්න හොද සැලැස්මක් තියෙන්න ඕනේ. දැන් ඡන්දෙ ළග නිසා මිනිස්සුන්ට සහන දීලා ඡන්දෙ දිනන්න ඕනේ කරන සල්ලි ටික ණය වශයෙන් ගැනීමද මේ කරන්න යන්නේ.
ශ්‍රී ලාංකික පුහුණු තරුණ පිරිස් සදහා විශාල වශයෙන් ජපානයේ රැකියා අවස්ථා උදාවී ඇති බව එම ඇමතිවරයා ප්‍රකාශ කළේය. එම ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට රජය කටයුතු කල යුතුය. කාර්මික පුහුණුවක් මෙන්ම එම රටවල පවතින සාමාන්‍ය නීති පද්දතිය පිළිපැදිය යුතු ආකාරය සම්බන්ද දේශනා කෙටියෙන් සරලව ලංකාවේ නීති අංශ මගින් ලබාදීමෙන් එම රටවලට යන සේවකයන් මෙන්ම එම රටවලදී සිදුවියහැකි යනුවෙන් උපකල්පනය කළහැකි අනවශ්‍ය සිදුවීම් අවම කරගත හැකිවේ. එසේ කවුරුන්හෝ නීතියට පටහැනිව ක්‍රියා කළහොත් ඔවුනගේ විසා අවලංගු කර රටින් පිටමන් කරන බව තරුණ පිරිස් සදහා අවධාරණය කල යුතුය. එම නිසා ජපානයට ගියපසු ලංකාවේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන ආකාරයට ඔවුන් ක්‍රියා කල යුතුය. ජපන් ජාතිකයන් ඉතා සංවේදී ජාතියකි. නීතියට ඉහලින්ම ගරුකරන ජාතියකි. පසුගිය දා රජය මගින් ක්‍රියාත්මක කරනු ලැබූ ජනසවිය වැනි නිකන් දීමේ ක්‍රමය අර්ථවත් කිරීමට නම් ජපානයට යැවීමට පෙර පුහුණුවක් සදහා තෝරා ගන්නා වයස 50 අඩු සහ තරුණ පිරිස් එම ජනසවිය ලබන්නාවූ පවුල් වලින් තෝරා ගැනීමට මුලිකත්වයක් රජය දිය යුතුය. ජනසවියට වටිනාකමක් ලබාදීමට රජය ක්‍රියා කල යුතුවේ.
ගත්ත වගේ නෙවෙයි ඕවා අනාගත පරපුර ආපසු ගෙවන්න වෙනවා නේද
දැන්නම් ඉතින් එදිනෙදා කන්නේ බොන්නෙත් ණයට. රටට ගිය කලක්...
දැන් මේක ණයක් නොවේ මුදලක් දෙනවා නම් ගමු ගමු
නිෂ්පාදනයක් නොකර ණයට උදම් ඇනීම කිනම් ආඩම්බරයක් ද ?
හරි සතුටින් කියනවා
1. ණය ලබාගැනීම ආඩම්බරයට කාරණයක්ද? 2. මින් කොපමණක් රටේ සහ ජනතාවගේ යහපතට යෙදවේද ?
ඩොලර් මිලියන හයදාහක්.. අනේ අම්මේ. පුදුම ආදරයක්නේ අපි ගැන තියෙන්නේ. එතකොට ඒක ආපහු ගෙවන්න ඕන නැද්ද ? ගෙවනවා නම් ගෙවන්නේ කවුද? මේ තරම් මුදලක් අපිට දෙන්නේ මොන කොන්දේසි යටතේද? කරුණාකරලා අයිසින් ටික අයින් කරලා කේක් ද පාන් ද යටින් තියෙන්නේ කියලා පෙන්වන්න.
ගරු අගමැතිතුමනි, පසුගිය රජය චීනය ඇතුළු රටවලින් ණය ගෙන එය විවේචනය කර ඔබතුමාලා බලයට ආවේ. තවදුරටත් ණය ගැනීම ගැන නොසිතා රටේ අපනයන කළහැකි ද්‍රව්‍ය, සේවාවන් දියුණු කරන්න. රටේ කර්මාන්ත පිහිටුවා විදේශ ආයෝජන ගෙන්වාගන්න. තව මාස කිහිපයි තියෙන්නේ. නමුත් එම කාලයේ ඔබතුමා හරියට වැඩ කලොත් මිනිසුන්ගේ යම් කිසි පැසසුමක් තියේ කියා සිතමි. හන්බන්තොට වරායෙන් ලැබූ මුදල් රටේ දියුණුවට යොදා ඇත්නම් ඒ විස්තරත් රටට හෙළි කරන්න ....
අපෙන් භුමිය ඉල්ලයිද?
මේක දෙන්නේ නිකන්ද සර්?
ජනතාවගෙන් අහලා ණය වෙන්න ක්‍රමයක් රටේ හැදෙන්න ඕන.
රටට ඉන්න එකම අවංක නායකයා .
ස්වාධීනව රටක් හැටියට නැගිටින්න මේ මිනිසුන්ට අරමුණක් ඇත්තෙම නෑනෙ. මහ දීන ආකල්ප තියෙන මිනිසුන්. රටත් දීන වෙනවා
ගන්න ණය, අපිනේ ගෙවන්නේ.
තව ණය ගන්න ඔබලාට සැපගන්න. අහිංසක මිනිස්සු අමාරුවෙන් ගෙවයි. පටන් ගන්න දේශීය ව්‍යාපාර. බූරු වැඩ නොකර...
රට විකුණලා බොරුකරලා ගන්න සල්ලි අපිට එපා. ඇමෙරිකාවට රට විකුණන ගිවිසුම් අපිට එපා. බලාගෙන ඉන්න. ඡන්දේදි හොම්බෙන් යන්න තමයි වෙන්නේ...
මේ ගොල්ලෝ ගන්න ණය ගැන කිව්වට වැඩක් නැහැ නේද?